සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 614
ගෝපක
(පාරිභා.) වි. සැඟවුණු; ගුප්ත.
1. නා.ප්‍ර. (උද්යානාදිය) රැක බලාගන්නා; රක්ෂණය හෝ ගෝපනය කරන්නා; ගොවුවා.
2. නා.ප්‍ර. එඬේරා; ගොපල්ලා.
3. නා.ප්‍ර. පළාතක අධිකාරි තැන.
4. නා.ප්‍ර. රජ.
ගෝපකන්‍යා
නා.ප්‍ර. ගොපලු දැරිය.
ගෝපක්ෂ්ම
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අතුරින් එකක්. උපන් හැටියේ රතු වස්සකුගේ ඇස් ගුලියට බඳු ඇස් ඇති බව.
ගෝපති
1. නා.ප්‍ර. සූර්යයා.
2. නා.ප්‍ර. රජ.
3. නා.ප්‍ර. නායක වෘෂභයා.
4. නා.ප්‍ර. ඉන්ද්‍ර දෙවි.
5. නා.ප්‍ර. ශිව දෙවි.
ගෝපනය
නා. රැකීම; ආරක්ෂාව.
ගෝපනීය
1. වි. සැඟවිය යුතු; වසන් කළ යුතු.
2. වි. වැනසෙන්නට ඉඩ නොදී රැක ගත යුතු.
ගෝප්ය
වි. රැකිය යුතු; ආරක්ෂා කළ යුතු.
ගෝප්රචාරය
නා. තණබිම; තෘණ භූමිය.
ගෝපා
1. නා.ප්‍ර. ගොපල්ලාගේ භාර්යාව; ගෝපාලිකාව.
2. නා.ප්‍ර. කිරි දොවන ගැහැනිය.
ගෝපාලයා
1. නා. ගවයන් රැක බලා ගන්නා තැනැත්තා; ගවපාලකයා; ගොපල්ලා.
2. නා. රජ.
3. නා. ශ්‍රී කෘෂ්ණ; ගෝවින්ද.
ගෝපිකාංගනාව
නා. ගව පාලනයේ යෙදෙන කාන්තාව; ගොපලු ලිය.
ගෝපිත
වි. රක්නා ලද; ආරක්ෂා කරනු ලැබූ.
නා. ගවපිත ආශ්රයෙන් හටගන්නා ද්‍රව්‍යය; ගෝරෝචන.
ගෝපී
නා.ප්‍ර. ගොපලු ලිය; ගොපල්ලාගේ භාර්යාව.
ගෝපුර
1. නා.ප්‍ර. නගර ප්රාකාරයේ මහා දොරටුව; නුවර දොර.
2. නා.ප්‍ර. පැරණි ඉන්දියානු ගමකට ඇතුළුවන තැන ඉදිකළ තොරණ විශේෂය.
3. නා.ප්‍ර. විහාර කෝවිල් ආදි සිද්ධස්ථානයකට ඇතුළුවන තැන ඉදිකළ අලංකාර සැරසිලිවලින් යුත් දොරටුව.
4. නා.ප්‍ර. ප්‍රාසාදයක දොරටුව.
ගෝමය
නා.ප්‍ර. ගව වසුරු; ගොම.
ගෝමර
නා.ප්‍ර. දිලීරයක් නිසා සමෙහි හටගන්නා ලප විශේෂයක්; කාන්තාවන්ගේ සමට අලංකාරයක් ලෙස සැලකෙන කැළැල වර්ගයක්.
ගෝමේද
නා.ප්‍ර. මැණික් ගල් වර්ගයක්; කහට මිශ්‍ර රත් හෙවත් පැණි පාට වූ එහෙත් අගයෙන් අඩු මැණික් ගල් විශේෂයක්.
ගෝමේධය
නා. ගවයන් මරා පවත්වනු ලබන යාග කර්මයක්.
ගෝයුති
නා.ප්‍ර. ගව සමූහය.
ගෝරනාඩුව
නා. මහත් හඬ නගා කරන තර්ජනය; කෝප වී මහ හඬින් කරන කෑගැසීම; ගර්ජනා කිරීම.
ගෝරස
නා.ප්‍ර. ගවයාගෙන් ලබාගන්නා කිරි හෝ කිරෙන් සාදන දී, ගිතෙල්, වෙඬරු, මෝරු, කේජු යන පස් ගෝරසය.
ගෝරි
නා.ප්‍ර. කලහය; දබරය; කලබලය.
ගෝරුත
1. නා.ප්‍ර. ගවයකුගේ තෙපුල්ලෑම.
2. නා.ප්‍ර. ඒ ඇසෙන දුර හා ආශ්රිත මිම්මක්.
ගෝරුපු
නා.ප්‍ර. ගවයාගේ සතුරා; කොටියා; දිවියා.