සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 465
ජඝඤ්ඤජ
පු. බාලසහෝදරයා. (පි. 293)
ජඝන
න. උකුල, කටිය. (පි. 293)
ජඞ්ගම
ති. ඇවිදින සුලු තැනැත්තා, ඇවිදින්නා. (පි. 293)
ජඞ්ඝමග්ග
පු. අඩිපාර, පාදමාර්ගය, පාපාර. (පි. 293)
ජඞ්ඝල
පු. රූක්ෂ භූමි ප්රදේශය. (පි. 293)
ජඞ්ඝසත්ථ
න. පයින් වෙළඳාමට යන සමූහය, සතුන් පිට බඩු පටවා යන කාණ්ඩය=තවලම. (පි. 293)
ජඞ්ඝා
ඉ. කෙණ්ඩය, ස්තූපයාගේ මල් ආසන ප්රමාණය, දාගැබේ ආසනය දක්වා ඇති කොටස. (පි. 293)
ජඞ්ඝාමග්ග
න. අඩිපාර, පටුමග. (පි. 293)
ජඞ්ඝාවිහාර
පු. ජඞ්ඝාවිහරණය, ශරීරසුඛය සඳහා ඇවිදිම. (පි. 293)
ජඞ්ඝෙසක
න. සිවුරුවලට අල්ලන පටියක්, නුවා පටිය. (පි. 293)
ජච්ච
√ භු. පරිභාසනෙ, පිරිහෙළීමෙහි, ජච්චති, පිරිහෙළයි. (පි. 293)
ජච්චති
ක්රි. (ජච්ච √ භු. පරිභාසනෙ, පිරිහෙලීමෙහි +ති) පිරිහෙළයි. (පි. 293)
ජච්චන්ධ
පු. ජාති අන්ධයා, උත්පත්තියෙන්ම අන්ධයා, වැදූ ගෙයි අන්ධයා. (පි. 293)
ජච්චන්ධකිය
පු. ජාත්යන්ධයා කෙරෙහි යෙදුනු තැනැත්තා, කණවැල අල්ලන්නා. (පි. 293)
ජජ
√ භු. යුද්ධෙ, යුද්ධයෙහි, ජජති, යුද්ධ කෙරෙයි. (පි. 293)
ජජ්ජර
න. දිරූ, දිරීමට ගිය. (පි. 293)
ජජ්ජරී
ඉ. රිහිකොළ. (පි. 293)
ජජ්ඣ
√ භු. තජ්ජනෙ, තර්ජනයෙහි, ජජ්ඣති, තර්ජනය කරයි. (පි. 293)
ජජි
√ භු. යුද්ධෙ, යුද්ධයෙහි, ජංජති, යුද්ධ කරයි. (පි. 293)
ජට
√ භු. සංඝාතෙ, රැස්කිරීමෙහි, ජටති, රැස් කරයි. (පි. 293)
ජටා
ති. හුණ ආදින්ගේ ශාඛා ජාලය, අවුල් හිසකේ, තෘෂ්ණාව. (පි. 294)
ජටාධර
පු. ජටාදරන්නා, ජටිලයා. (පි. 294)
ජටි
ති. ජටාධරයා, ජටිලයා. (පි. 294)
ජටික
න. අවුල්වන ලද, ආකුල කරන ලද. (පි. 294)