සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 466
ජටිල
පු. අවුල් කෙස් ඇත්තා, සැඩපලු කෙස් ඇති තාපස කොටසක්, සන්නාසි ජාතියක්. (පි. 294)
ජටිලක
පු. ජටිලයා, ජටා ඇත්තා. (පි. 294)
ජඨර
න. උදරය, බඩ. (පි. 294)
ජඪා
ඉ. වඳුරු මෑ. (පි. 294)
ජණ්ණු
පු. දණ, දණහිස, ඌරුසන්ධිය. (පි. 294)
ජණ්ණුතග්ඝ
ති. දණපමණ. (පි. 294)
ජණ්ණුපථ
පු. දණින් යායුතු මාර්ගය, දණ ගාගණ යායුතු මාර්ගය. (පි. 294)
ජණ්ණුමත්ත
පු. දණපමණ. (පි. 294)
ජත්තු
න. ජතෘව, අංසසන්ධිය. (පි. 294)
ජත්තුව්ල
පු. දිඹුල්ගස. (පි. 294)
ජතු
න. ලාකඩ, ලතුදිය, ඊයම්. (පි. 294)
ජතුක
පු. නීච, පහත්. (පි. 294)
ජතුකා
ඉ. වවුලා, දුවා. (පි. 294)
ජන
√ භු. සද්දෙ. ශබ්ද කිරීමෙහි, ජනති, ශබ්ද කෙරෙයි.
√ චු. ජනනෙ, ඉපදීමෙහි, ජනෙති, ජනයති, උපදවයි.
√ දි. උප්පාදෙ, ඉපදීමෙහි, ජනයති, උපදවයි.
පු. ජනයා, සතා. (පි. 294)
ජනක
පු. උපදවන්නා, පියා. (පි. 294)
ජනකාය
පු. ජනසමූහයා, ජනතාව. (පි. 294)
ජනද්දන
පු. විෂ්ණු. (පි. 294)
ජනන
න. උත්පත්තිය, හටගැන්ම. (පි. 294)
ජනනී
ඉ. උපදවන්නී, මව, වැදූමව. (පි. 294)
ජනපද
න. දේශය, දනව්ව, ප්රදේශය, නගර නොවන ජනවාස පලාත.
පුම්බහුත්තෙ කුරුසක්කා - කොසලා මගධා සිවි
කාලිඞ්ගා වන්ති පඤ්චාලා - වජ්ජි ගන්ධාර චෙතයො
වගා විදෙහා කාම්බොජා - මද්දා භග්ගඞ්ග සීහලා
කස්මිරා කාසි පණ්ඩාදි - සියුං ජනපදන්තරා
මෙහි දක්වන ලද කුරු ආදී එක් විස්ස ද, කක්කුට අස්සක යනාදී රටවල් ද, ජනපදයෝයි. (පි. 294)
ජනපද කථා
ඉ. පිටිසර කථා. (පි. 294)
ජනපද පදෙස
න. පිටිසර දිස්ත්රික්ක. (පි. 294)
ජනපදන්තර
පු. ජනපද විශේෂ. (පි. 294)
ජනයති
ක්රි. ජන √ ජනනෙ, ඉපදීමෙහි +ණය+ති) උපදවයි. (පි. 294)