සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 467

ජනවාද

පු. ජනකථා, ගුණකීම. (පි. 294)

ජන්තාඝර

න. ගිනිහල්ගෙය, ගිනිදල්වනගෙය. (පි. 294)

ජන්තු

පු. සත්වයා, සතා, ප්‍රාණියා. (පි. 294)

ජනාධිප

පු. ජනාධිපතියා, රජු. (පි. 294)

ජනාලය

පු. මඩුව, ශාලාව. (පි. 294)

ජනාවාස

පු. ජනයාගේ වාසස්ථානය, ගම, ග්‍රාමය. (පි. 294)

ජනි

√ දි. පාතුභාවෙ, පහළවීමෙහි, ජායති, පහළවෙයි, උපදියි. (පි. 294)

ජනිතා

ඉ. මව්, වැදූමව. (පි. 294)

ජනෙත්තී

ඉ. වැදූමව, උපදවන්නී. (පි. 294)

ජනෙසුත

පු. සර්‍වඥයන් වහන්සේ. (පි. 294)

ජප

√ භු. ව්‍යක්තවචනයෙහි, ජපති, කියයි, ජපකරයි. (පි. 294)

ජප්ප

√ භු. කීමෙහි, ජප්පති, කියයි.
√ භු. පත්ථනෙ, පැතීමෙහි, ජප්පති, පතයි, අභිලාසාකරයි, මන්ත්‍රාදිය සියදහස් වාර ගණනක් මැතිරීම. (පි. 294)

ජප්පනා

ඉ. කථාව. (පි. 294)

ජප්පා

ඉ. තෘෂ්ණාව. (පි. 294)

ජප්පිත

ති. කියන ලද. (පි. 294)

ජභ

√ භු. ගත්තවිනාමෙ, ශරීරය නැමීමෙහි, නැටීමෙහි, ජගති, ශරීරය නමයි, නටයි. (පි. 294)

ජභි

√ භු. ගත්තවිනාමෙ, ශරීරය නැමීමෙහි, නැටීමෙහි, ජම්භති, විජම්භති, ශරීරය නමයි, නටයි. (පි. 295)

ජම්පති

ඉ. අඹුසැමි දෙදෙනා, ස්ත්‍රී පුරුෂ දෙදෙනා. (පි. 294)

ජම්බල

පු. දෙසි, දොඩම්. (පි. 295)

ජම්බාල

පු. කර්‍දම, මඩ. (පි. 295)

ජම්බාලි

ඉ. ගම්දොර, ගවරවළ. (පි. 295)

ජම්බී(ම්භී)ර

පු. දෙසි, දොඩම්. (පි. 295)

ජම්බු

පු. දඹ, ජම්බු.
ඉ. දඹපල. (පි. 295)

ජම්බුක

පු. කැණහිලා, සිවළා, හිවලා. (පි. 295)