සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 464

ඡුපිත

ති. ස්පර්ශකළ, හැප්පූ. (පි. 292)

ඡුභ

√ භු. නිච්ඡුභනෙ, කාරාදැමීමෙහි, ඡුභති, නීච්ඡුභති, කාරාදමයි. (පි. 292)

ඡුභති

ක්‍රි. ඡුභ, √ භු. නිච්ඡුභනෙ, කාරාදැමීමෙහි, (ඡුභ+ති) කාරාදමයි. (පි. 292)

ඡුරිකා

ඉ. සිරිය, කිරිච්චිප, කෙටි කඩුව. (පි. 292)

ඡෙක

ති. දක්ෂ, සමර්‍ථ, හුරුබුහුටි. (පි. 293)

ඡෙජ්ජති

ක්‍රි. ඡෙද, √ භු. ද්විධකරණෙ, දෙපළු කිරීමෙහි +ති දෙපළු කරයි. (පි. 293)

ඡෙට

පු. දිවියා. (පි. 293)

ඡෙද

√ චු. ද්විධාකරණෙ, දෙපළු කිරීමෙහි, ඡෙදෙති, ඡෙදයති, දෙපළු කරයි.
පු. ඡෙදනය, සිඳීම. (පි. 293)

ඡෙදක

පු. සිඳින්නා, කපන්නා. (පි. 293)

ඡෙදන

න. සිඳීම, කැපීම. (පි. 293)

ඡෙදනක

පු. සිඳුවන්නා, කප්පවන්නා. (පි. 293)

ඡෙප්පා

ඉ. වලිගය. (පි. 293)

ඡෙවනිය

න. එකතොධාරාදි අනිස්සග්ගිය ආයුධ, අතින් නුමුදා අනින ආයුධ. (පි. 293)

ජක්ඛ

√ භු. භක්ඛනෙ, අනුභවයෙහි, ජක්ඛති, කයි. (පි. 293)

ජගති

ති. භූමිය, ගෘහාලින්දයාගේ අධිෂ්ඨානය, ලෝකය. (පි. 293)

ජගතිපාණ

පු. සුළඟ, වාතය. (පි. 293)

ජගතිපාල

පු. භූමිපාලකයා, ලොකපාලකයා, රජු. (පි. 293)

ජග්ග

√ භු. රක්ඛණෙ, රැකීමෙහි, ජග්ගති, පටිජග්ගති, රකී.
√ භු. අභිසංඛ‍රණෙ, ප්‍රතිසංස්කරණයෙහි, සෑදීමෙහි, ජග්ගති, සාදයි, අලුත් වැඩියා කරයි. (පි. 293)

ජග්ගති

ක්‍රි. ජග්ග, √ භු. අභිසංකර‍ණ, අභිසංස්කරණයෙහි, (ජග්ග+ති) සාදයි, අලුත් කරයි, රකි. (පි. 293)

ජග්ගන

න. රැකීම, ආරක්ෂා කිරීම. (පි. 293)

ජග්ඝ

√ භු. හසනෙ, සිනාසීමෙහි, ජග්ඝති, සඤ්ජග්ඝති, සිනාසෙයි. (පි. 293)

ජග්ඝති

ක්‍රි. ජග්ඝ, √ භු. හසනෙ, සිනාසීමෙහි, (ජග්ඝ+ති) සිනාවෙයි. (පි. 293)

ජග්ඝන

න. සිනාව, සිනාසීම. (පි. 293)

ජඝඤ්ඤ

පු. ක්ෂුද්‍රයා, නීචයා. (පි. 293)