බුද්ධ
buddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අවබෝධ කළ ; චතුරාර්ය සත්ය මුළුමනින් ම වටහාගත්.
2. බුදුරදුන්ට අයත්; බුදුරදුන් හා සම්බන්ධ බුදුරදුන් පිළිබඳ වූ.
නා.ප්ර. සියලු ඤේය මණ්ඩලය මුළුමනින් ම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළ උතුමාණෝ; ලොවුතුරා බුදුහු ; සර්වඥයන් වහන්සේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අවබෝධ කළ/ බුදුන් වහන්සේ සම්බන්ධ වූ (පා. සං. බුද්ධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවබෝධ කළ; වටහාගත්; පු. පණ්ඩිතයා; බුදුරද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අවබෝධ කළ තැනැත්තා, තථාගතයන් වහන්සේ, ප්රාඥයා. (පි. 401)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. buddha
Digital Pāḷi Dictionary
- buddha 1 masc Buddha; Awakened One [√budh + ta]
- buddha 2 pp awakened; woke up; understood [√budh + ta]