අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 234
බිළිය
නා. මසුන් ඇල්ලීම සඳහා බිලී පිත්තේ ඇම අමුණන ලෝහ කොක්ක (පා. බලිස, බළිස සං. බඩිශ, බලිශ)
බීජකෝෂය
නා. බීජ කොපුව/ බීජාවරණය
බීජාණුව
නා. අපුෂ්ප ශාකවලට විශේෂ වූ ක්ෂුද්රජනක අවයවය/ තනි ව වැඩීමට ඇති ඒක සෛලය
බීජාවරණය
නා. බීජය වටා සෛල ස්තර ගනකමට පිහිටීමෙන් සෑදෙන බීජ සිවිය; ඇට පොත්ත
බීජෝත්පාටනය
නා. බීජෝද්ධරණය
බීජෝද්ධරණය
නා. වෘෂණ ඉවත් කිරීම; කර ඈඹීම
බීජෞෂණ සමය
නා. රෝගකාරක පරපෝෂිතයකු ශරීරගත වීමත් රෝගයේ මූල ලක්ෂණ පහළ වීමත් අතර කාලය
බීභත්ස
නා.ප්‍ර. පිළිකුල; ජුගුප්සාව/ නව නාට්‍ය රසයන්ගෙන් එකක් (සං. බීභත්ස)
බීරලුව
නා. රේන්ද ගෙතීමේ දී නූල් ඔතා ගන්නා උපකරණය (පුර්. bilro)
බීරුම
නා. අහසේ අඳුරු ස්වභාවය
බුත්සරණ
නා. බුදු සරණ/ විද්යාචක්රවර්තීන් ලියූ එනම්, සුප්රතට ගද්‍ය කාව්‍යය/ වර්ණවත් මල් හටගන්නා කුඩා ශාක වර්ගයක්
බුද්ධ
වි. අවබෝධ කළ/ බුදුන් වහන්සේ සම්බන්ධ වූ (පා. සං. බුද්ධ)
බුද්ධ ධර්මය
නා. බුදුන් දෙසූ දහම (සං. බුද්ධධර්ම)
බුද්ධ ප්‍රතිමා
නා.ප්‍ර. බුදු පිළිමය
බුද්ධ භාෂිතය
නා. බුදුන් දෙසූ දහම; බුද්ධ වචනය (පා. බුද්ධභාසිත සං. බුද්ධභාෂිත)
බුද්ධ ශාසනය
නා. බුදුන්ගේ ඉගැන්වීම් මාර්ගය (පා. බුද්ධසාසන)
බුද්ධශ්රාවකයා
නා. බුදු සසුනේ පැවිදි වූ තැනැත්තා (සං. බුද්ධශ්රාවක)
බුද්ධාංකුර
වි. බුදු වීමට පෙරුම් දම් පුරන; මතු බුදු වන (පා. බුද්ධාඞ්කුර)
බුද්ධාලම්බන ප්‍රීතිය
නා. බුදුන් අරමුණු කොට ඇති වන ප්‍රීතිය
බුද්ධි පරීක්ෂණය
නා. බුද්ධිය පිරික්සීම
බුද්ධිය
නා. යමක් වහා අවබෝධ කිරීමේ ශක්තිය (සං. බුද්ධි)
බුද්ධීන්ද්රියය
නා. ඉන්ද්රියයන් සම්බන්ධ විෂය ඥානය ලබා දෙන දැනුම (සං. බුද්ධීන්ද්‍රිය)
බුද්ධෝත්පාදය
නා. බුදු කෙනකුන් පහළ වීම (පා. බුද්ධුප්පාද)
බුදුනු
වි. බුදු දහම පිළිගත්/ බෞද්ධයන්ට අයත්