අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 233

බිඟුවැල

නා. මීමැසි සමූහය (සං. භෘඞ්ගාවලී)

බිඩංගය

නා. තල් පොල් ආදියේ අතුවල කොළ රහිත මුල කොටස

බිණනය

නා. දුරකථන ආදියේ කථා කිරීම පිණිස භාවිතා කරනු ලබන කොටස

බිණීම

නා. කථා බහ කිරීම; බස් පැවසීම

බිතක්කනය

නා. අගුව; පිළිකන්න; බිත්ති කෙළවර

බිනර

නා.ප්‍ර. සැප්තැම්බර් මාසයට අනුරූප චන්ද්‍ර මාසය

බින්දුව

නා. මූලික ඉලක්කම් නවයෙන් එකක්/ ශූන්‍යය/ අනුස්වාරය/ තිත; පුල්ලිය/ ද්‍රව ස්වල්පය (පා. සං. බින්‍දු)

බින්න

1. නා.ප්‍ර. බොරුව (පා. සං. භින්න) 2. සැමියා බිරියගේ නිවසේ පදිංචි වීමේ විවාහ චාරිත්‍රය)

බිඳිනවා

ක්‍රි. කඩනවා/ භේද කරනවා

බිබිල

නා. ඇඟේ පිට සමයට යටින් ද්‍රව පිරී සෑදෙන ගඩුව/ ඇතැම් ගොඩනැගිලිවල මුදුනේ පිහිටි අඩ වටයක් බඳු කොටස (පා. බුබ්බුල, බුබ්බුළ)

බිම්බෝහනය

නා. කොට්ටය/ ගුදිරිය (පා. බිම්බොහන)

බියගුලු

වි. බියවනසුලු

බියසුලු

වි. බිය ගතියෙන් යුතු

බිරිඳ

නා. විවාහ කරගත් ස්ත්‍රිය; භාර්යාව (සං. භාර්යා)

බිල

1. නා. සිදුර; බෙනය (පා. සං. බිල) 2. කරන ලද සේවයක් සඳහා ගෙවිය යුතු ගාස්තුව/ රිසිට් පත (ඉං. bill)

බිලි

නා.ප්‍ර. බිල්ල; බිලිය

බිලි පූජාව

නා. ගව ආදි සතුන් මරා දෙවියන්ට කරන පූජාව

බිලිඳු

වි. ළදරු

බිලිය

නා. යක්‍ෂාදීන්ට පිදෙන ප්‍රාණ පිදවිල්ල (පා. සං. බලි)

බිලියනය

නා. කෝටි සියය (ඉං. billion)

බිලී පිත්ත

නා. මසුන් ඇල්ලීමට භාවිත උපකරණයක්

බිෂොප්

නා.ප්‍ර. ක්‍රිස්තියානි පූජකවරයා (ඉං. bishop)

බිහිසුණු

වි. භය උපදවන; භයංකර (සං. භීෂණ)

බිළාල

නා.ප්‍ර. බළලා (පා. බිළාර සං. බිඩාර)