බිලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විශේෂයෙන් මසුන් අල්ලා ගැන්ම සඳහා යොදාගන්නා බිලී පිත්තෙහි අග ඇති, ඇම අමුණන ලෝහ කොක්ක ; බිලි කටුව.
2. ඉස්සා.
3. දේව යක්ෂ ආදින් වෙත කැප කරනු ලබන ප්‍රාණීයා; පණපිටින් පුදනු ලබන්නා.
4. ආගමික පූජාව ; පිදේනිය.
5. අයබදු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යක්‍ෂාදීන්ට පිදෙන ප්‍රාණ පිදවිල්ල (පා. සං. බලි)