සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1161
බිලි ගන්නවා
1. ක්රි. අමනුෂ්යාදින් විසින් සතුන් හා මිනිසුන් සිය ආහාරය වසයෙන් අල්ලා ගන්නවා ; ගොදුරු කර ගන්නවා.
2. ස්වකීය තෘප්තිය සඳහා අනුන් විපතට හෙළනවා.
බිලි පූජාව
නා. තිරිසනුන් සහ මිනිසුන් මරා දේව යක්ෂ ආදින් වෙත පිදීම.
බිලි බානවා
1. ක්රි. බිලි පිත්තෙන් මසුන් අල්ලනවා.
2. උපක්රමයකින් තම පැත්තට අන් අය හරවා ගන්නවා.
බිලි වෙනවා
1. ක්රි. යක්ෂ පිශාචාදීන්ගේ ආහාරය බවට පත් වෙනවා ; ගොදුරු වෙනවා.
2. බලවත් වෙනවා ; අධික වෙනවා.
3. යමකට හෝ යමකුට අසු වී මරණයට පත් වෙනවා.
4. යම්කිසි දරුණු රෝග පීඩාදියකට හෝ නරක ආශ්රයකට අසු වෙනවා.
බිලිඳා
නා. ළදරුවා ; ළපැටියා ; අත දරුවා.
බිලිඳු
වි. ඉතා ළපැටි වියේ පසු වන ; ළදරු ; ළාබාල.
බිලිපුටු
1. නා.ප්ර. පිදේනි ආදියෙන් පෝෂිත වන කවුඩා ; කපුටා.
2. ඉෂ්ටානිෂ්ට පද්ය බන්ධනය සඳහා සිංහල හෝඩියේ වර්ණ බෙදනු ලබන යෝනි අටෙන් එකක්.
බිලිය
1. නා. විශේෂයෙන් මසුන් අල්ලා ගැන්ම සඳහා යොදාගන්නා බිලී පිත්තෙහි අග ඇති, ඇම අමුණන ලෝහ කොක්ක ; බිලි කටුව.
2. ඉස්සා.
3. දේව යක්ෂ ආදින් වෙත කැප කරනු ලබන ප්රාණීයා; පණපිටින් පුදනු ලබන්නා.
4. ආගමික පූජාව ; පිදේනිය.
5. අයබදු.
බිලියනය
1. නා. (බ්රිතාන්යයේ) දශ ලක්ෂයෙන් ගුණ කළ දශලක්ෂය.
2. (ඇමෙරිකා එක්සත් ජනපදයේ) දාහෙන් ගුණ කළ දශලක්ෂය.
බිලියම
1. නා. දෙවියන්ට දෙන දානය ; පූජාව ; බිලි කර්මය.
2. යක්ෂාදීන්ට දෙන බිල්ල ; ප්රාණ බිල්ල.
බිෂොප්
නා.ප්ර. ක්රිස්තියානි සභාවක දියෝකීසියක් පාලනය කරන පූජකවරයා ; රාජගුරු ප්රසාදිවරයා.
බිසරුව
නා.ප්ර. පුරුෂයකු සමඟ එක්වීම සඳහා සලකුණු කර ගන්නා ලද ස්ථානයකට යන වෙසඟන ; අභිසාරිකාව.
බිසව
නා. අභිෂේක කරන ලද රාජදේවිය ; අග මෙහෙසිය ; අග්ර මහේෂිකාව.
බිස්ස
1. නා. පාපිස්ස.
2. තද මෙට්ටය.
3. තවුසන් වාඩිවීමට ගන්නා කුඩා මෙට්ටය.
4. අටුව.
5. ඝනව වැඩුණු තණකොළ යාය ; මල් සමූහය.
6. පොකුර ; වල්ල ; ගොඩ.
බිසිනිය
නා. නෙළුම් මල් ගොමුව ; පියුම් වනය ; නෙළුම් විල.
බිසෙව්
1. නා.ප්ර. අභිෂේක කරන ලද රාජදේවිය ; මහේෂිකාව.
2. අභිෂේකය.
3. නෑම ; ස්නානය.
වි. ඉසදිය වත් කිරීම සම්බන්ධ ; අභිෂේකය පිළිබඳ.
බිසෝ කොටුව
1. නා. වැවක සොරොව්වත් ජලාශයත් අතර පිහිටි ජලය පිටවීම පාලනය වන කපාටය සහිත චතුරස්රාකාර කොටුව.
2. චෛත්යයක කොත් කැරැල්ලටත් ගර්භයටත් අතර පිහිටි චතුරස්රාකාර කොටස ; සතරැස් කොටුව.
බිසෝ ගබඩාව
නා. රජ බිසෝවරුන් වසන මන්දිරය ; ඇතොවුර ; අන්තඃපුරය.
බිසෝගෙය
1. නා. බිසවගේ මාලිගය ; රජ මෙහෙසිය වසන මන්දිරය හෝ මැදුරු කොටස.
2. දෙවඟනක් සඳහා කැප වුණු දෙවොල.
බිහි
1. නා.ප්ර. පිටපැත්ත ; පිටත ; බැහැර.
2. ගුදිරිය ; මෙට්ටය.
3. වී අටුව ; බී බිස්ස.
4. පොකුර ; කැටිය.
1. වි. (බුදුසසුනෙන්) පිටතට අයත් ; බාහිර.
2. පිටතින් පිහිටි ; ඇතුළත නොවූ.
බිහි කරනවා
1. ක්රි. පිට කරනවා ; පිටතට ගන්නවා ; එළියට ගන්නවා.
2. වදනවා ; ප්රසූත කරනවා.
බිහි වෙනවා
1. ක්රි. මව් කුසින් පිට වෙනවා ; එළියට එනවා ; ප්රසූත වෙනවා.
2. අත්හැර යනවා ; පිටව යනවා ; නික්ම යනවා ; බැහැරට යනවා.
බිහිකුරු
(පාරිභා.) වි. පිටතට නෙරාගියා ; ඉදිරියට නෙරා පිහිටි.
බිහිකෙව්
(පාරිභා.) නා.ප්ර. යමහල් ආදියෙන් බැහැරට විසි වී ගිය ද්රව්ය කොටස.