සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1162
බිහිතැන්න
(පාරිභා.) නා. අයිස් දියවීමෙන් ගලා යන දිය පාරවල් දිගේ ගසා ගෙන යන ද්‍රව්‍ය කොටස් එක්තැන් වීමෙන් සෑදෙන දියළුතැන්න.
බිහිදොර
1. නා. ගෙයින් පිට පිහිටි දොරටුව ; බහිද්වාරය.
2. (භෞති.) ඉවතට යන මාර්ගය.
බිහිරා
නා. කන් නොඇසෙන තැනැත්තා ; බීරා ; බධිරයා.
බිහිරි
වි. ඇසීමේ ශක්තිය නැති ; කන් නොඇසෙන ; ශ්‍රවණේන්ද්‍රිය ක්‍රියා විරහිත වූ ; බීරි.
බිළ
නා. සිදුර ; කුහරය ; බෙනය.
බිළාර
නා.ප්‍ර. බළලා ; පූසා.
බිළාර ව්‍රතය
නා. සතකු ළං වන තෙක් නිහඬ ව උපශාන්ත ව සිට, එක්වර ඌ අල්ලා ගැනීම ; හොර තපස
; කූට තාපස ව්‍රතය.
බිළිඳා
නා.ප්‍ර. කුඩා දරුවා ; ළදරුවා ; පැටියා.
බීකරය
නා. බීම සඳහා ගැනෙන ජලය ආදිය දරන ලොකු බඳුන ; විද්‍යාත්මක අත්හදා බැලීම් සඳහා තුඩක් සහ කටක් සහිත ව සාදා ගැනෙන ගැඹුරු වීදුරු භාජනය.
බීජ කෝෂය
1. නා. ඇට දරන කොපුව ; බීජ කොපුව.
2. අණ්ඩකෝෂය.
3. පිලා කෝෂය.
4. කරල.
5. බීජාවරණය.
6. බීජ පුටය.
බීජ ප්‍රරෝහණය
නා. බීජයක් තුළ ඇති කළලය වර්ධනය වී අලුත් ශාකයක් හට ගැනීම.
බීජධර
(පාරිභා.) වි. ඇට හටගන්නා ; බීජ දරන.
බීජය
1. නා. ඇටය ; බිජුවටය.
2. වැපිරීම සඳහා වෙන් කළ ධාන්‍ය ඇටය ; බිත්තර බීජය.
3. පැළ කිරීම සඳහා ගනු ලබන අතු, ඉනි ද්‍රව්‍යය.
4. බිත්තරය.
5. ශුක්‍රාණුව.
6. ඩිම්බාණුව ; ආර්තාණුව.
7. මුල ; මූලය.
බීජශාකය
(පාරිභා.) නා. ඇටය තුළ ඇති කලලය ; බීජය තුළ ඇති පැළ වෙන ශාකය.
බීජාංකුරය
1. නා. (සත්ව.) ශුක්‍රාණුව සහ ආර්තවාණුව සංයෝගවීමෙන් සෑදෙන කලලය.
2. බීජ කලලයෙහි තිබෙන අංකුරය.
බීජාක්ෂර
නා.ප්‍ර. මන්ත්රවල මුලට ම යෙදෙන ශබ්ද.
බීජාණුව
1. නා. (උද්භි.) අපුෂ්ප ශාකවලට විශේෂ වූ ක්ෂුද්‍ර ප්‍රජනක සෛලයක්.
2. (ජීව.) තද ප්‍රතිරෝධක කවරයකින් වැසුණු ජීව ද්‍රව්‍යයක ක්ෂුද්‍ර කොටස.
බීජාවරණය
(පාරිභා.) නා. (උද්භි) බීජය වටා සෛලස්තර කීපයක් ඝනකමට පිහිටීමෙන් සෑදෙන බීජ සිවිය ; ඇටපොත්ත.
බීජෝද්ධරණය
නා. අණ්ඩය උගුළුවා දැමීම ; බීජෝත්පාටනය ; කර ඇඹීම.
බීජෞෂකය
[බීජ + ඖෂක]
(පාරිභා.) නා. කෘත්‍රීම රස්නයෙන් බිත්තර රක්නා උපකරණය.
බීජෞෂණ සමය
(පාරිභා.) නා. රෝග කාරක පරපෝෂිතයකු ශරීරගතවීමත් රෝග ලක්ෂණ පහළවීමත් අතර කාලය.
බීටා
(පාරිභා.) නා.ප්‍ර. 1. ග්‍රීක හෝඩියේ දෙවැනි අකුර B ; (විවිධ ප්රකාශනවල යෙදෙන සංකේතයකි).
2. විකිරණශීලි ද්‍රව්‍යවලින් නිකුත්වන ශීඝ්‍ර ඉලෙක්ට්‍රෝන හෙවත් රශ්මිවර්ග තුනෙන් දෙවැන්න.
බීටා අංශු
(පාරිභා.) නා.ප්‍ර. රේඩියම් හා අනෙකුත් විකිරණශීල ද්‍රව්‍යවලින් නිකුත් වන වේගවත් ඉලෙක්ට්‍රෝන.
බීත
1. වි. බිය උපදවන ; භයානක.
2. භයට පත් ; බියපත් ; බිය වූ ; භීත.