බින්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉලක්කම් ක්‍රමයට අයත් මූලික සංකේතය ; 'O' යන සංකේතය ; සෘණ සංඛ්‍යා අවසනත් ධන සංඛ්‍යා ආරම්භයත් අතර පවතින සංඛ්‍යාව ; ආරෝහණ චක්‍රයක ආරම්භය දක්වන ලකුණ ; ශූන්‍යය.
2. අනුස්වාරය.
3. කඩින්කඩ වෑස්සෙන ගෝලාකාර ද්‍රව ස්වල්පය ; පොද.
4. ආයුර්වේදීය මාන ක්‍රමයෙහි ඇතුළත් ද්‍රව මැනීම පිළිබඳ ඉතා කුඩා මිනුම.
5. ඉම්පීරියල් ද්‍රවමාන ක්‍රමයට අයත් මිනුමක් ; ඩ්රෑමයකින් හැටෙන් පංගුව.
7. තිත ; පුල්ලිය ; ලපය ; ගෝමරය.
8. ඉතා කුඩා කැබැල්ල ; අල්පමාත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මූලික ඉලක්කම් නවයෙන් එකක්/ ශූන්‍යය/ අනුස්වාරය/ තිත; පුල්ලිය/ ද්‍රව ස්වල්පය (පා. සං. බින්‍දු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blob
2. n. cipher
3. n. cypher
4. n. dot
5. n. dribblet
6. n. driblet
7. n. drip
8. n. drop
9. n. fleck
10. n. globule
11. n. jot
12. n. minim
13. Mat. naught
14. Mat. nought
15. n. point
16. n. spot
17. n. zero