සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1159

බිංදුව

1. නා. ඉලක්කම් ක්‍රමයට අයත් මූලික සංකේතය ; 'O' යන සංකේතය ; සෘණ සංඛ්‍යා අවසනත් ධන සංඛ්‍යා ආරම්භයත් අතර පවතින සංඛ්‍යාව ; ආරෝහණ චක්‍රයක ආරම්භය දක්වන ලකුණ ; ශූන්‍යය.
2. අනුස්වාරය.
3. කඩින්කඩ වෑස්සෙන ගෝලාකාර ද්‍රව ස්වල්පය ; පොද.
4. ආයුර්වේදීය මාන ක්‍රමයෙහි ඇතුළත් ද්‍රව මැනීම පිළිබඳ ඉතා කුඩා මිනුම.
5. ඉම්පීරියල් ද්‍රවමාන ක්‍රමයට අයත් මිනුමක් ; ඩ්රෑමයකින් හැටෙන් පංගුව.
7. තිත ; පුල්ලිය ; ලපය ; ගෝමරය.
8. ඉතා කුඩා කැබැල්ල ; අල්පමාත්‍රය.

බික

1. නා. දොඩම් ආදි සමහර ගෙඩිවල ද, ලූනු අල ආදියෙහි ද වෙන් වෙන් වී බෙදුණු කොටස.
2. ඇතැම් මත්ස්‍ය මාංසාදියෙහි පැතලි කොටස හෙවත් තට්ටුව.
3. භික්ෂා පාත්‍රයට බෙදන කොටස ; භික්ෂාව.
4. භික්ෂූන් වසන තැන ; ආශ්‍රමය ; අසපුව.
5. වංගෙඩිය.
6. භික්ෂාවෙන් හෙවත් සිඟා ලබන අහරින් යැපෙන්නා ; භික්ෂුව.
7. සිඟමන් යදින්නා ; සිඟන්නා ; යාචකයා.
8. සිගීමෙන් ලබන ආහාරය.

බිඟු

නා.ප්‍ර. මී මැස්සා ; බඹරා.

බිජුව

1. නා. පැටවුන් හටගන්නා බීජය ; බිත්තරය.
2. පැළවන ඇටය ; ධාන්‍ය ඇටය ; පැළ කිරීම සඳහා ගනු ලබන බීජය.
3. අණ්ඩකෝෂය.
4. දෙහි දොඩම් ආදි ගෙඩි වර්ගවල රේණු වසා ඇති මදුල ; බික.
5. කාරණය ; හේතුව.

බිඩාලයා

නා. බළලා.

බිණීම

නා. කතා-බහ කිරීම.

බිත

1. නා. භික්තිය ; පවුර ; තාප්පය ; කණ්ඩිය.
2. ප්‍රදේශය ; තලය.
3. ස්වල්පය.

බිතක්කන

නා. අගුව ; පිළිකන්න ; බිත්ති කෙළවර.

බිත්තර වී

නා.ප්‍ර. වැපිරීමට සුදුසු වී ; බීජ වී.

බිත්තරය

නා. සතුන්ගේ බෝවීම සඳහා ඇති වන බිජුවට හෝ ධාන්‍යාදියේ පැළ ඇතිවීම සඳහා සුදුසු වන බීජය.

බිත්තිය

නා. ගෙයක පියස්ස දක්වා බඳින බැම්ම ; තාප්පය.

බිතු සිතුවම

නා. බිත්තියෙහි අඳින ලද චිත්‍රය.

බිදම්

නා.ප්‍ර. බුද්ධ ධර්මයේ අඩංගු ඉතාම ගැඹුරු කොටස ; අභිධර්මය.

බිනර

නා.ප්‍ර. සිංහල මාසයක නාමය ; චන්ද්‍ර මාස ක්‍රමයෙන් සය වැනි මාසය ; නිකිනි හා වප් දෙමස අතර කාලය.

බින්න

1. නා.ප්‍ර. බොරුව : අසත්‍යය ; මිථ්‍යාව.
2. අපහාසය ; නින්දාව ; පරිභවය.
3. එක්කුස උපන් තැනැත්තා හෝ තැනැත්තිය ; සොහොයුරා සොහොයුරිය.
4. විවාහයෙන් පසු සැමියා බිරියගේ නිවසෙහි පදිංචිවීමේ විවාහ ක්‍රමය.

බිනික්මන්

නා.ප්‍ර. අභිනිෂ්ක්‍රමණය ; ගිහිගෙයින් නික්ම ගොස් පැවිදි වීම ; ගිහි ජීවිතය අතහැර දැමීම.

බිඳිනවා

1. ක්‍රි. කඩනවා ; පොඩි කරනවා ; කුඩු කරනවා.
2. පරාජය කරනවා ; යටපත් කරනවා (තර්ක ආදිය) නිෂ්ප්‍රභා කරනවා.
3. භේද කරනවා ; අසමඟි කරනවා.
4. (මල්ඵල ආදිය) කඩා රැස් කරනවා.
5. පොළොව හාරනවා ; බිම කණිනවා.
6. අමනාප කරනවා ; කලකිරවනවා ; විශ්වාසය පලුදු කරනවා.

බිඳීම

(පාරිභා.) නා. 1. වැරදි බව ඔප්පු කිරිම ; නිෂ්ප්‍රභ කිරිම.
2. පෙට්රෝලියම්වල බර කොටස වඩා සැහැල්ලු වන සේ සරල අණුවලට කැඩීම.

බිබිළ

1. නා. සිරුරේ පිට සමට යටින් මතු වන කුඩා ගඬුව.
2. ඉතා ළපටි ගෙඩිය.
3. පොළෝ යටින් දිය මතුවන කුහරය ; උල්පත.

බිම

නා. පොළොව ; භූමිය ; පෘථිවි තලය.

බිම් ඇඳිරිය

නා. බිමට අඳුරු වැටීගෙන එන වෙලාව ; රැය උදා වී ගෙන එන අවස්ථාව ; රාත්‍රී මුඛය.

බිම් කඩ

1. නා. බිම් කොටස ; බිම් කැබැල්ල ; භූමි භාගය.
2. හිඳගැනීම සඳහා බිමට ඵලන රෙදිකඩ ; බිම් පත්කඩය.

බිම් කුලිය

නා. තම ප්‍රයෝජනය සඳහා අනෙකකුගේ ඉඩමක් භාවිත කරන විට ඒ සඳහා ගෙවන කුලිය ; බිම් බද්ද.