බිංදුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉලක්කම් ක්රමයට අයත් මූලික සංකේතය ; 'O' යන සංකේතය ; සෘණ සංඛ්යා අවසනත් ධන සංඛ්යා ආරම්භයත් අතර පවතින සංඛ්යාව ; ආරෝහණ චක්රයක ආරම්භය දක්වන ලකුණ ; ශූන්යය.
2. අනුස්වාරය.
3. කඩින්කඩ වෑස්සෙන ගෝලාකාර ද්රව ස්වල්පය ; පොද.
4. ආයුර්වේදීය මාන ක්රමයෙහි ඇතුළත් ද්රව මැනීම පිළිබඳ ඉතා කුඩා මිනුම.
5. ඉම්පීරියල් ද්රවමාන ක්රමයට අයත් මිනුමක් ; ඩ්රෑමයකින් හැටෙන් පංගුව.
7. තිත ; පුල්ලිය ; ලපය ; ගෝමරය.
8. ඉතා කුඩා කැබැල්ල ; අල්පමාත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මූලික ඉලක්කම් නවයෙන් එකක්/ ශූන්යය/ අනුස්වාරය/ තිත; පුල්ලිය/ ද්රව ස්වල්පය (පා. සං. බින්දු)