අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 232
බාහිරෝපද්රව්ය
නා. පිටතින් පැමිණෙන උවදුර
බාහුල්‍යය
නා. බොහෝ බව; බහුලකම; සුලභත්වය (සං. බාහුල්‍ය)
බැංකු අණකරය
නා. ලිඛිත නියෝගයක් මගින් බැංකු ගිණුමකින් මුදල් ලබා ගැනීම
බැංකුව
නා. ගනුදෙනුකරුවන්ගේ මුදල් භාර ව සිටින ආයතනය (පුර්. banco)
බැටළුවා
නා. ලොම්, කිරි හා මස් ලබා ගැනීම සඳහා ඇති කරන සිවුපාවෙක්
බැණුම
නා. කථා කිරීම/ නින්දා පරිභව කිරීම/ දොස් කීම
බැදෑණී
නා.ප්‍ර. නෑනා වන තැනැත්තිය/ කෙනකු හා විවාහ ගිවිස ගත් කත
බැනියම
නා. උඩුකයට අඳින සැහැල්ලු ඇඳුමක් (අරා. banyan)
බැඳි
වි. බඳින ලද/ රචනා කළ; ගොතන ලද (පා. සං. බන්ධිත, බන්ධන)
බැඳුම
නා. ගැට ගැසීම; පෑස්සීම/ රචනා කිරීම
බැබළෙනවා
ක්‍රි. දිලිසෙනවා
බැමිණිටියා සාය
නා. වළගම්බා රජ දවස ඇති වූ දුර්භික්ෂය
බැමිණිය
නා. බමුණා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය
බැරැණ්ඩි
වි. බර හඬින් යුතු; රළු උගුරු හඬ ඇති
බැල්කනි
නා.ප්‍ර. සඳලුතලය; උඩුමහල (ඉං. balcony)
බැලුනය
නා. තුනී රබර් පටකයකින් සාදන ලද සුළං පිරවිය හැකි කෝෂය (ඉං. baloon)
බැළමෙහෙය
නා. කුලී සඳහා කරන වැඩ
බැළය
නා. වේතනය; වැටුප; ගාස්තුව (පා. භති, භතක සං. භාටි, භාට)
බැළලිය
නා. බළලා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය
බෑණ
නා.ප්‍ර. සහෝදරයා
බෑනණු
නා.ප්‍ර. ගරු කටයුතු බෑනා
බෑනා
නා. සහෝදරියගේ පුතා/ දුවගේ සැමියා (පා. භාගිනෙය්‍ය සං. භාගිනෙය)
බිංකුණ්ඩා
නා. කුඩා කෘමි විශේෂයක්
බිඟු
නා.ප්‍ර. මී මැස්සා/ බමරා (සං. භෘඞ්ග)