අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 231
බාණ
නා.ප්‍ර. ඊතලය (සං. බාණ)
බාධක
වි. බාධා කරනසුලු; අවුරන (සං. බාධක)
බාධාව
නා. වැළැක්ම; අවහිරය (පා. සං. බාධ)
බාන
නා. රැහැන; ලණුව/ යුගලය
බාපනය
නා. නිල ඇඳුමක කොටසක් වශයෙන් පලඳින පළල් පටිය (ල. wafen)
බාල
වි. වයසින් අඩු/ වටිනාකමින් අඩු/ අනුවණ (පා. සං. බාල)
බාලක
නා. ළමා වයසට අයත් (පා. සං. බාලක)
බාලක පක්ෂාඝාතය
නා. පෝලියෝ රෝගය
බාලගිරි දෝෂය
නා. යක්ෂ ප්‍රේත දෝෂ නිසා බාල දරුවන්ට ඇති වන බව කියැවෙන රෝග තත්ත්වයක්
බාලදක්ෂ
නා.ප්‍ර. ළමුන් වෙනුවෙන් ගොඩනැඟුණු ජාත්‍යන්තර සංවිධානයක නාමය
බාල්දුව
නා. නිග්‍රහය; අවමානය (පුර්. baldo)
බාල්ය
වි. ළදරු; ළපටි; ළමාවිය පිළිබඳ (පා. සං. බාල්ය)
බාලාංශය
නා. පාසලක අධ්‍යාපනය ලබාදෙන ආරම්භක පන්තිය
බාලාපචාරය
නා. ළමයින් සම්බන්ධ වැරදි හැසිරීම/ වැඩිහිටියන් විසින් ළමයින් සම්බන්ධ සමාජ විරෝධී සාපරාධී පැවැත්ම
බාලාපරාධය
නා. වයසින් බාල අය විසින් සිදු කෙරෙන අපරාධය
බාලිකාව
නා. ළාබාල දැරිය (පා. සං. බාලිකා)
බාලොලිය
නා. ළාබාල යුවතිය/ ගඳපාන/ පිච්ච නි. දරු නැළවිලිවල දී යෙදෙන දොයි දොයි යන්නට සමාන පදයකි.
බාෂ්ප
නා.ප්‍ර. නෙතින් වෑහෙන දිය; කඳුළු (සං. බාෂ්ප)
බාසුරු
1. නා.ප්‍ර. සූර්යයා (සං. භාස්වර) 2. සිංහයා (සං. භාසුරක)
බාහ්යකරණය
නා. පිට කිරීම; ඉවත් කිරීම (සං. බාහ්යකරණ)
බාහ්‍යය
නා. පිටස්තර වස්තුව (සං. බාහ්‍ය)
බාහිර
වි. පිටත; ආගන්තුක/ අමතර (පා. බාහිර)
බාහිරස්ථ
වි. පිටතින් එන; පිටත තිබෙන (සං. බාහිරස්ථ)
බාහිරාවරණය
නා. පිටත ආවරණය/ ගෙඩියක ලෙල්ල