අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 230

බහුකාර්ය

වි. කාර්යයන් කිහිපයක් ඉටු කරන

බහුභාණී

වි. බොහෝ සේ කථා කරන; දොඩමලු (පා. බහුභාණී)

බහුමානය

නා. බලවත් ගෞරවය (පා. සං. බහුමාන)

බහුල

වි. වැඩි; මඳ නොවූ (පා. සං. බහුල)

බහුවරණ

වි. තෝරා ගැනීමට අවස්ථා ඇති

බහුශ්‍රැත

වි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති (සං. බහුශ්‍රැත)

බළ

නා.ප්‍ර. භටයා; යුද සෙබළා (ප්‍රා. භඪ පං. සං. භට)

බළ ඇණිය

නා. භට පිරිස; පා බල සේනාව

බළකොටුව

නා. බලකොටුව

බළගණය

නා. භට සමූහය

බළමුළ

නා.ප්‍ර. යුද හමුදාව; බළ සෙනඟ

බළමුළුව

නා. යුද හමුදාව; බලකාය

බළලා

නා. පූසා (සං. විඩාල, බිඩාල)

බ්රැන්ඩි

නා.ප්‍ර. මද්‍යපාන විශේෂයක් (ඉං. brandy)

බ්‍යංජන

නා.ප්‍ර. ව්‍යඤ්ජනාක්ෂරය/ අර්ථය එළිදරව් කිරීම/ ආහාර සඳහා ගනු ලබන මාළුව/ ලකුණ (පා. බ්‍යඤ්ජන සං. ව්‍යඤ්ජන)

බ්‍යාම ප්‍රභා මණ්ඩලය

නා. බුදුන් වහන්සේගේ සිරුර අවට තිබූ බඹයක් පමණ වූ බුදුරැස් වළල්ල

බ්‍රහ්මචර්යාව

නා. උතුම් හැසිරී; මෛථුන්‍ය සුඛයෙන් වැළකී සිටීම (පා. බ්‍රහ්මචරිය සං. බ්‍රහ්මචර්යා)

බ්‍රහ්මදණ්ඩය

නා. වරදකට දඬුවම් වශයෙන් කතා නොකර සිටීම (පා. බ්‍රහ්මදණ්ඩ)

බ්‍රහ්මමුහුර්තය

නා. හිරු උදාවට පෙර සිංහල පැය දෙකක කාලය (සං. බ්‍රහ්මමුහුර්ත)

බ්‍රහ්මවිංශතිය

නා. ලෝකය පවත්නා කාලය බෙදා ඇති යුගයක නාමය; ප්‍රභවාදි පෘථිවියේ මුල් අවුරුදු විස්ස (සං. බ්‍රහ්මවිංශති)

බ්‍රහ්මවිහරණය

නා. උතුම් පැවැත්ම; මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ සතරින් යුක්ත ව විසීම (පා. සං. බ්‍රහ්මවිහාර)

බ්‍රාහ්මණ

නා.ප්‍ර. බමුණු කුලය/ වෛදික සාහිත්‍යයට අයත් ග්‍රන්ථ විශේෂයක් (සං. බ්‍රාහ්මණ)

බ්‍රාහ්මී අක්ෂර

නා.ප්‍ර. අශෝක සෙල්ලිපිවල ඇති අක්ෂර විශේෂය; දඹදිව හා ලක්දිව භාවිත වූ සෙල්ලිපි අක්ෂර මාලාව