අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 229

බරාඳය

නා. ඉස්තෝප්පුව; සාලය (හී. බරාම්දහ්)

බල

වි. සවිමත්; ශක්තිමත් නා.ප්‍ර. ශක්තිය; බලය; පරාක්‍රමය/ සේනාව/ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ම ගුණ කිරීමෙන් ලැබෙන ගුණිතය (පා. සං. බල)

බලංසය

නා. බර කිරීමට පාවිච්චි කරන දුනු තරාදිය (පුර්. balanca ඉං. balance)

බලකණුව

නා. ශක්ති සම්පන්න ස්තම්භය/ නායකයා; උර දෙන්නා

බලකාය

නා.ප්‍ර. ආරක්ෂක බල හමුදාව (පා. සං. බලකාය)

බලකොටුව

නා. ආරක්ෂක කඳවුර (පා. බලකොට්ඨක)

බලතල

නා.ප්‍ර. පදවියකට හිමි ක්‍රියාකාරී බලය

බලතුලනය

නා. බලයෙන් සමාන වීම

බලධරයා

නා. කිසියම් කාර්යයක් සඳහා විශේෂ බලතල ලබා සිටින තැනැත්තා (සං. බලධර)

බලපත්‍රය

නා. අවසර පත්‍රය

බලපත්‍රලාභියා

නා. අවසර පත්‍රයක හිමිකරුවා

බලමණ්ඩලය

නා. නියමිත බලතල සහිත ආයතනය

බලශක්තිය

නා. යමක ක්‍රියාත්මක වීමේ හැකියාව

බලසම්පන්න

වි. බලයෙන් යුත්

බලාක

නා.ප්‍ර. කොකා/ කෙකින්න (පා. සං. බලාකා)

බලිබිලි

නා.ප්‍ර. දේව පූජා ආදියට අවශ්‍ය දේ

බලිය

නා. ග්‍රහ අපල දුරු වීමට කරන ශාන්ති කර්මය/ දේව යක්ෂාදීන්ට පුදන ආහාර පාන ආදිය/ යාතුකර්ම සඳහා අඹන රූපය/ බද්ද/ දීමනාව; දැකුම (පා. සං. බලි)

බලෝත්පාදක

වි. බලය උපදවන

බවුතීස්මය

නා. කිතුනුවකු කිරීමේ දී කරන චාරිත්‍රය (පුර්. bautismo)

බස්නය

නා. ඖෂධීය චූර්ණ විශේෂයක්

බහදුරු කළය

නා. භද්‍ර ඝටය; පුන්කලස

බහ්වර්ථ

වි. අර්ථ කීපයක් තිබෙන; බොහෝ අර්ථ ඇති

බහාලුම

නා. ඇසුරුම; භාණ්ඩ අසුරා තබන පෙට්ටිය; කන්ටේනරය

බහිෂ්කෘත

වි. බැහැර කළ; පහ කළ; ඉවත් කළ (සං. බහිෂ්කෘත)

බහිස්ස්‍රාවය

නා. ජීවීන්ගේ සිරුරෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය