අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 228

බධිර

වි. කන් නෑසෙන; බිහිරි (පා. සං. බධීර)

බන්ධනය

නා. බැඳීම; සම්බන්ධය/ සිවිය; පටකය (පා. බන්‍ධන)

බන්ධනාගාරය

නා. හිර ගෙදර; වධකාගාරය (සං. බන්‍ධනාගාර)

බන්ධු

නා.ප්‍ර. ඥාතියා (පා. සං. බන්‍ධු)

බඳ

වි. බඳනා ලද/ තනන ලද/ පටන් ගත් (පා. සං. බද්ධ) නා.ප්‍ර. සිරුර/ ශරීර මධ්‍ය ප්‍රදේශය/ ආයුධයක මිට සවි කරන විල්ල (සං. බන්‍ධ)

බඳනය

නා. ලණුව; රැහැන/ බැම්ම; මූට්ටුව (සං. බන්‍ධන)

බඳැදිලි

නා.ප්‍ර. වැඳීම සඳහා එක්කොට ගත් දෝත (පා. බද්ධාඤ්ජලී)

බඳිනවා

ක්‍රි. බන්ධනය කරනවා/ හිර කරනවා/ රචනා කරනවා (පා. සං. බන්‍ධති)

බඳුන

නා. භාජනය (පා. සං. භාජන)

බබළනවා

ක්‍රි. කාන්තිය විහිදෙනවා

බමනවා

ක්‍රි. කැරකෙනවා; භ්‍රමණය වෙනවා

බමරා

නා. මල්රොන් ගෙන පැණිවද සාදන මැසි විශේෂයක් (සං. භ්‍රමර)

බමුණා

නා. බමුණු කුල ඇත්තා; බ්‍රාහ්මණයා/ හින්දු පූජකයා (පා. සං. බ්‍රාහ්මණ)

බඹ

නා.ප්‍ර. සියල්ලට මුල් වූ මහා දෙවියා; මහා බ්‍රහ්මයා/ සහම්පතී බ්‍රහ්මයා (පා. සං. බ්‍රහ්ම)

බඹතලය

නා. බ්‍රහ්ම ලෝකය

බඹය

නා. අඩි 06 ක දිග ප්‍රමාණය (පා. බ්‍යාම සං. ව්‍යාම)

බයාදු

වි. බියසුලු

බරණ

නා.ප්‍ර. ආභරණ; පලඳනා/ නාග, පොළොන් ආදී සර්පයන්

බරණගණිත

නා.ප්‍ර. මාතර කවි පරපුරෙහි ප්‍රමුඛ කවියකුගේ නාමය

බරණැස

නා.ප්‍ර. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි පැරණි නගරයක නාමය (පා. බාරාණසී සං. වාරාණසී)

බරණිඳු

නා.ප්‍ර. මෙහෙසුරු; මහේශ්වර

බරණිය

නා. බුජම/ පීප්පය

බරපතළ

වි. සැහැල්ලු නොවන; බරින් අධික/ බැරෑරුම්/ දුෂ්කර

බරපැන

නා.ප්‍ර. කුලිය/ වියදම