අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 227

බටනළාව

නා. වස්දණ්ඩ

බඩවැල

නා. අන්ත්‍රය

බඩහැල

නා.ප්‍ර. වළං සාදන්නන් අයත් කුලය/ වළං සාදන්නා

බඩ‍ගිනි

නා.ප්‍ර. කුසගින්න

බණ

නා. කියමන; කථා කරන දෙය/ බුදුන් වදාළ දහම; ධර්ම දේශනාව (සං. භාණ)

බණවර

නා.ප්‍ර. එක් වරකින් කියා නිම කළ හැකි බණ කොටස; අට අකුරු විරිතෙන් බැඳි ගාථා 250 කින් යුත් ධර්ම කාණ්ඩය (පා. භාණවාර)

බණ්ඩක්කා

නා.ප්‍ර. එළවළු විශේෂයක්

බණ්ඩාරනායක

නා.ප්‍ර. රාජ්‍ය භාණ්ඩාගාරයේ ප්‍රධානයා

බණ්ඩි

වි. පීදීගෙන එන; ගර්භිණී

බණිනවා

ක්‍රි. දොස් පවරනවා; දොස් කියනවා (පා. සං. භණති)

බත්කෙණ්ඩ

නා. කකුලේ දණින් පහළ යටි පැත්තේ ඇති මස් පිඬුව

බත්තල

නා. මුහුදු යාත්‍රා විශේෂයක් (පුර්. batel)

බත්තුළ

නා. බත් ඇටය; ස්වල්ප වූ ආහාර ප්‍රමාණය

බත්බැළයා

නා. ආහාර උදෙසා වැඩ කරන දායකයා

බත්මුල

නා. බත් හා ව්‍යඤ්ජන ආදිය දමා සැකසූ පොදිය

බද්ද

නා. වැසියන් විසින් රජයට ගෙවනු ලබන අස්වැන්න, ආදායම් ආදියෙහි කොටස/ මුදලක් ගෙන දේපළ යම් කාලසීමාවකට පවරා දීම

බද්දර මල්ල

නා. අඩුවැඩිය දමන මල්ල/ දරුමල්ලන්

බද්ධ

වි. හා වුණු; යා වුණු; එක් වුණු (පා. සං. බද්ධ)

බද්ධ කෝණය

නා. එක් රේඛාවක දෙපස සිටින පරිදි එක ළඟ පිහිටි කෝණය

බද්ධ ගිණුම

නා. දෙදෙනකු හෝ කිහිප දෙනකු එක් වී බැංකුවක පවත්වාගෙන යන හවුල් ගිණුම

බද්ධ පර්යංකය

නා. පලක් බැඳ හිඳීම; අරමිණිය ගොතා සිටීම (පා. බද්ධපල්ලඞ්ක)

බද්ධකය

නා. බැඳ ඇති බැම්ම; බන්ධනය

බද්ධාඤ්ජලිය

නා. අභිවාදනය පිණිස බැඳි දෝත (පා. සං. බද්ධාඤ්ජලී)

බද්ධාභිලාෂය

නා. දැඩි ආශාව (පා. බද්ධාභිලාස සං. බද්ධාභිලාෂ)