අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 226
පෝනියා
නා. අශ්ව වර්ගයේ සිවුපාවෙක් (ඉං. pony)
පෝරනුව
නා. ගිනි උදුන (පුර්. forno)
පෝලිම
නා. පෙළ; පේළියට සෑදීම (මැ. polin)
පෝලියෝ
නා.ප්‍ර. බාලක පක්ෂාඝාත රෝගය (ඉං. polio)
පෝෂණය
නා. රැක බලා ගැනීම/ වර්ධනයට අවශ්‍ය දේ සැපයීම/ ආහාරපානාදිය සැපයීම (සං. පොෂණ)
පෝෂණවේදියා
නා. ආහාරවල ගුණාගුණ පිළිබඳ හදාළ තැනැත්තා
පෝෂ්‍යය
නා. පෝෂණය කිරීම/ පෝෂ්‍ය ගුණයෙන් යුත් කොටස (සං. පොෂ්ය)
පෞද්ගලික
වි. පුද්ගලයකු සතු; සාමූහික නොවන (සං. පෞද්ගලික)
පෞරාණික
වි. පුරාණ කාලයට අයත්/ උසස් ලෙස පිළිගත් (සං. පෞරාණික)
පෞරුෂය
නා. පිරිමිකම/ පුද්ගලයකුගේ ආවේණික හැසිරීම් රටාව (සං. පෞරුෂ)
ඵරුස
වි. රළු; කර්කශ (පා. ඵරුස)
ඵලකය
නා. ලෑල්ල; පුවරුව/ පලිහ/ තලය/ තැටිය (පා. සං. ඵලක)
ඵලදායී
වි. ඵල හටගන්නා/ ප්‍රයෝජනවත් (සං. ඵලදායීනී)
ඵලය
නා. ගෙඩිය; පලතුර/ විපාකය; ආනිශංසය/ ප්‍රයෝජනය; ලාභය/ පලදාව; අස්වැන්න (පා. සං. ඵල)
ඵලරුහ
වි. ඵලයෙන් පැනනැඟුණු (පා. ඵලරුහ)
ඵලාඵල
නා.ප්‍ර. ලොකු කුඩා ගෙඩි වර්ග; පලතුරු; පලාපල/ හොඳ නරක; සුබ අසුබ/ ආර්ථික වාසි අවාසි (පා. ඵලාඵල)
ඵලිත
වි. ගෙඩි හටගත්; ඵල දරන/ පැසුණු කෙස් ඇති/ පැළුණු; පුපුරාගිය (පා. සං. ඵලිත)
ඵළය
නා. ගසක පොත්තට ඇතුළතින් හා අරටුවට පිටින් පිහිටි ශක්තිමත් නොවන දැව කොටස (දෙ. இழை)
ඵෝටය
නා. දිය බුබුළ (පා. ඵොට)
බංකොලොත්
වි. ධන හානි තත්ත්වයට පත් (ල. bankrot ඉං. bankruptcy)
බකමූණා
නා. නිශාචර පක්ෂියෙක්
බකල
වි. ඇද වූ පා ඇති; දෙපා විකෘති වුණු
බකිනි
නා.ප්‍ර. බක් මී
බට පැළැල්ල
නා. බටපතුරුවලින් සකසන ආවරණය