අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 225

පෛශුන්‍ය

නා.ප්‍ර. කේලාම්; පිසුණු බස් (සං. පෛශුන්‍ය)

පොකුණ

නා. නොගැඹුරු ජලාශය; පුෂ්කරණිය (පා. පොක්‍ඛරණි සං. පුෂ්කරණි)

පොට්ටනිය

නා. යම් යම් දේ එක්කොට බැඳි පොදිය (දෙ. பொட்டணம் සං. පොට්ටලි)

පොත්ගුල

නා. පොත් තබා තිබෙන ගෙය; පුස්තකාලය

පොදු ගුණාකාරය

නා. සංඛ්‍යා කීපයකින් ඉතිරි නැති ව බෙදෙන ගණන

පොරණ

නා. අතීතය (පා. පොරණ සං. පුරාණ)

පොරණැදුරා

නා. පුරාණාචාර්යවරයා

පොරොන්දුව

නා. ගිවිසුම; එකඟත්වය (දෙ. பொருந்து)

පොරෝනය

නා. පෙරවීමට ගන්නා වස්ත්‍රය (පා. පාරුපන)

පොලඹනවා

ක්‍රි. උනන්දු කරනවා; ආශාව ඇති කරනවා (පා. පලොභෙති සං. ප්‍රලම්භතෙ)

පොල්මඃකාරයා

නා. බූදලයක අයිතිකාරයා (ල. volmacht)

පොලිතීන්

නා.ප්‍ර. ප්ලාස්ටික් විශේෂයක් (ඉං. polythene)

පොලිය

නා. ණයට ගත් මුදලක් වෙනුවෙන් වැඩිපුර ගෙවන මුදල (දෙ. பொலி)

පොලොන්නරුව

නා. ලංකාවේ දෙවැනි රාජධානිය පැවති නගරය; පුලස්ති පුරය

පොලොස්

නා.ප්‍ර. නොමේරූ කොස් ගෙඩිය (මැ. පොලොස්)

පොසිල

නා.ප්‍ර. පුරාණයේ ගල් බවට පත් වූ ඇටකටු පැළෑටි ආදිය; පාෂාණිභූත ද්‍රව්‍ය (ඉං. fossil)

පොහොණිය

නා. ශරීර දුර්වලතාවෙන් තොර බව; පෝෂණය (පා. පොසණ සං. පොෂණ)

පොළ

1. නා. බිබිළ; ගඩුව (පා. ඵොට සං. ස්ඵොට) 2. කිසියම් විශේෂ කටයුත්තක් සඳහා වෙන් වූ ස්ථානය/ වෙළඳාම් කරන ස්ථානය 3. තැනැත්තා; පුද්ගලයා

පොළඟා

නා. උග්‍ර විෂ සහිත සර්පයෙක් (පා. පොටඞ්ග)

පොළනවා

ක්‍රි. අත්පුඩි ගසනවා/ ධාන්‍යාදියෙිහ රොඩු කුල්ල ආධාරයෙන් ඉවත් කරනවා (පා. පොඨෙති සං. ස්ඵොටයති)

පොළොව

නා. පෘථිවිය/ ගොඩබිම (පා. පඨවි සං. පෘථිවි)

පොළෝ තලය

නා. පෘථිවි පෘෂ්ඨය; පොළොව මතුපිට

පෝතකයා

නා. පැටියා; පොව්වා (පා. සං. පොතක)

පෝනිය

නා. දිය බොන පොල් කටුව/ කොතලය