පොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිබිළ ; ගඩුව ; පිළිකාව.
2. ඇසෙහි සෑදෙන ගෙඩියක් වැනි දෙයක් ; සුද.
3. ඇසේ සෑදෙන ලපය.
4. ඇස් ගුළිය.
5. ස්ථානය ; තැන ; පෙදෙස.
6. එළිමහනේ භාණ්ඩ තබාගෙන විකිණීම සඳහා නියමිත දිනවල රැසක්වෙන ස්ථානය.
7. තැනැත්තා ; පුද්ගලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. බිබිළ; ගඩුව (පා. ඵොට සං. ස්ඵොට) 2. කිසියම් විශේෂ කටයුත්තක් සඳහා වෙන් වූ ස්ථානය/ වෙළඳාම් කරන ස්ථානය 3. තැනැත්තා; පුද්ගලයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. booth
2. n. fair
3. n. person
4. n. place
5. Sur. site
6. n. station