සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1133
පොවනවා
1. ක්‍රි. බීමට සලස්වනවා ; පානය කරවනවා.
2. සිවුරු ආදියෙහි පාට කවනවා.
3. කාවද්දවනවා ; ඇතුළු කරනවා.
4. ජලයෙහි (නාසය යට නොවන සේ) සිටීමට හැකිවෙනවා.
5. කිසිවක් දෙසට අත කිට්ටු කරනවා නොහොත් කිසිවක් තුළට අත යවනවා.
6. ආයුධ ආදිය ගිනියම් කර දියේ දමා මුවහත තියුණු කරනවා.
පොවුවා
නා. පෝතකයා ; පැටියා.
පොස්පජින්
(පාරිභා.) නා.ප්‍ර. පේශිවල තිබෙන ක්රියටින් හා පොස්පරික් අම්ල සංයෝගයක්.
පොස්පයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. පොස්පරස් සහ වෙනත් මූල ද්‍රව්‍යයක් සංයෝජනය වීමෙන් සෑදුණු සංයෝගයක්.
පොස්පරස්
(පාරිභා.) නා.ප්‍ර. ආවර්තිතා වගුවේ පස්වැනි කාණ්ඩයේ තිබෙන ඉටි වැනි සුදු ඝන අලෝහ මූල ද්‍රව්‍යයක්.
පොසිට්‍රෝනය
(පාරිභා.) නා. ඉලෙක්ට්‍රෝනයකට සමාන ස්කන්ධයෙන් යුතු මූලික අංශුවක්.
පොසිලය
නා. ඉතා දීර්ඝ කාලයක් පස් යට තිබීම නිසා පාෂාණිභූත වූ සත්ත්ව සහ ශාක නෂ්ටාවශේෂය.
පොසොන්
1. නා.ප්‍ර. මාසයක නාමය ; සිංහල මාස ක්‍රමය අනුව වෙසක් මසට පසු මාසය.
2. පුෂ්ප විශේෂයක්.
පොසොන් පොහොය
නා. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම මෙරටට ගෙන ඒම නිමිත්තෙන් ඉතා වැදගත් සේ සලකන පෝ දිනයක් ; මහින්දාගමනය සිදු වූ ඓතිහාසික දිනය.
පොහොට්ටුව
1. නා. මල් කැකුළ ; මොට්ටුව ; කුඩ්මලය.
2. ළපටි අවස්ථාව ; නොමේරු අවදිය.
3. පුරුෂ නිමිත්තේ අග තුඩක් වැනි කොටස ; ලිඞ්ගාග්රය.
4. මලක් හැඩයට සකස් කළ නූල් ගුලිය.
පොහොණිය
1. නා. පුෂ්ටිමත්කම ; ශරීර සෞඛ්‍යය
2. යහපත් ආහාරපාන සහ සාත්තු සප්පායම ; පෝෂණය.
3. පුරුද්ද ; පරිචය.
පොහොනවා
1. ක්‍රි. හැකිවනවා ; සමත්වනවා ; පොහොසත් වෙනවා.
2. ප්‍රමාණවත් වෙනවා ; සෑහෙනවා.
3. වටිනවා ; අගිනවා.
4. සුදුසු වෙනවා ; යෝග්යවෙනවා.
පොහොනා
වි. සෑහෙන ; ප්‍රමාණවත් ; පොහොසත්.
පොහොනුව
නා. සුදුසු දෙය ; සෑහෙන දෙය ; ප්‍රමාණවත් වූව.
පොහොමන
නා. ශක්ති ප්‍රමාණය ; බලය ; වත්කම ; වත්පොහොසත්කම ; පුළුවන්කම.
පොහොය
1. නා. චන්ද්‍ර මාසයක එක් එක් පක්ෂයෙහි අටවැනි සහ පසළොස් වැනි දිනවලට ව්‍යවහාර වන පොදු නාමය.
2. උපෝසථ කර්මය සඳහා නියමිත දිනවලට භාවිත වන නම.
පොහොර
1. නා. පස සරු කරන්නා වූ ද වෘක්ෂලතාවල වැඩීමට උපකාර වන්නා වූ ද ද්‍රව්‍යය හෝ ද්‍රව්‍ය සංයෝගය.
2. සිවුපාවුන්ගේ (විශේෂයෙන් එළ හරකුන්ගේ) ශරීරයෙහි වැටී ඇති විවිධ වර්ණවත් පුල්ලි.
පොහොසත්
1. වි. දක්ෂ ; බලවත් ; සපන්.
2. වස්තුව ඇති ; ධනවත්.
පොහෝ ගෙය
නා. පෝය ගෙය ; උපෝසථාගාරය.
පොහෝනා
1. වි. ප්‍රමාණවත් ; සෑහෙන ; සුදුසුකම් ලබන.
2. දැරිය හැකි ; සරිලන ; පුළුවන්.
පොළ
1. නා. බිබිළ ; ගඩුව ; පිළිකාව.
2. ඇසෙහි සෑදෙන ගෙඩියක් වැනි දෙයක් ; සුද.
3. ඇසේ සෑදෙන ලපය.
4. ඇස් ගුළිය.
5. ස්ථානය ; තැන ; පෙදෙස.
6. එළිමහනේ භාණ්ඩ තබාගෙන විකිණීම සඳහා නියමිත දිනවල රැසක්වෙන ස්ථානය.
7. තැනැත්තා ; පුද්ගලයා.
පොළඟා
1. නා. පුල්ලි සහිත ශරීරයක් ඇති උග්‍ර විෂ සහිත සර්පයෙක්.
2. අවස්ථාව බලමින් නැවත නැවත පළිගන්නා පුද්ගලයා.
පොළනවා
1. නා. ඇඟිලි එකට එක ගසා හඬක් නංවනවා ; අසුරු සන් දෙනවා.
2. ගසා දමනවා ; ගසනවා.
3. හඬ නගින සේ (දුනු ආදිය) අතින් ගස්සනවා.
4. අත්ලෙන් අත්ල ගසනවා.
5. ධාන්‍ය ආදියෙහි රොඩු, බොල් ආදි අපද්‍රව්‍ය කුල්ල යොදා ගනිමින් ඉවත් කරනවා.
6. පුළුන් පීරා ශුද්ධ කරනවා.
පොළා ගන්නවා
ක්‍රි. මිරිකා ගන්නවා ; මැඩ ගන්නවා.