සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1132
පොරෝදත්
නා.ප්‍ර. ආහාර සිහින් කැබලිවලට කඩා ගැනීමට උපකාරි වන ඉදිරි මුවහත් දත් ; කෘන්තක දත් ; පරශුදන්ත.
පොරෝනය
1. නා. භික්ෂූන් වහන්සේලා පොරවන චීවරය ; පාරුපනය.
2. පෙරවීමට ගන්නා වස්ත්‍රය.
පොලඹනවා
1. ක්‍රි. ආශා ඇති කරනවා ; ඇල්ම උපදවනවා.
2. උනන්දු කරනවා ; යොමු කරනවා.
පොල්
1. නා.ප්‍ර. ඝර්ම කලාපයට අයත් තාල වර්ගයේ වෘක්ෂයක්.
2. එහි ඵල.
3. එහි ඵලයේ මදය ගා ගනු ලැබූ පසු නම.
පොල් ගෙඩිය
1. නා. ලෙලි නොගසන ලද සම්පූර්ණ පොල් ඵලය.
2. ලෙලි ඉවත් කරන ලද පොල් ඵලය.
පොල් තැරිය
නා. පොල් ගෙඩිය නටුවට සවි වී ඇති තැන ඇති පෙති කවය.
පොල් පීය
නා. පොල් ගෙඩියේ පැළ මදය.
පොල් මීරා
නා.ප්‍ර. පොල් මල් තළා මැදීමෙන් ලබාගන්නා යුෂ.
පොල් සම්බලය
නා. ගාන ලද පොල් ගෙන මිරිස්, ලූනු, ලුණු සහ දෙහි යොදා සාදා ගන්නා මිශ්‍රණය.
පොල්කුර
1. නා. පොල්ලෙලි ගසන උල ; පොල් උල.
2. පොල් ඉරටුව.
පොල්මඃකාරයා
නා. බූදලයක බලකාරයා ; අයිතිකාරයා ; උරුමක්කාරයා.
පොල්ල
1. නා. ලෝහ දැව ආදියෙන් සාදා ගැනෙන දණ්ඩ ; ලොකු ලී කැබැල්ල ; යෂ්ටිය ; මුගුර.
2. කැබැල්ල ; කොටස ; ඛණ්ඩය.
3. ඇස් ගුළිය.
පොල්ල වරද්දනවා
ක්‍රි. විපතක් ළඟා කර ගන්නවා ; බිහිසුණු සතුරකු ඇති කරගන්නවා.
පොලිටෙක්නික්
වි. බහු විද්‍යාවන් පිළිබඳ ; විවිධ ශාස්ත්‍ර ශිල්ප සම්බන්ධ.
පොලිතීන්
නා.ප්‍ර. ප්ලාස්ටික් වර්ගයක්.
පොලිය
නා. ණයක් ගත් විට ඒ ණයට ගත් මුදල් ආදිය වෙනුවෙන් ණය හිමියාට ගෙවන අතිරේක කොටස.
පොලිෂ්
නා.ප්‍ර. සම්භාණ්ඩ, දව භාණ්ඩ බඳුන් හෝ ගෙබිම් ඔප පුනහො දැමීමට භාවිත කරන මිශ්‍රණය.
පොලිස් උසාවිය
නා. මහේස්ත්‍රාත් උසාවිය.
පොලිස් කොස්තාපල්
නා.ප්‍ර. පොලිස් භටයා.
පොලිසිය
1. නා. අපරාධ මර්දනය, නීතිය හා සාමය රැකීමට රජය විසින් පත් කර ඇති නිලධාරි පිරිස.
2. ඒ නිලධාරීන් ඇතුළත් කාර්යාංශය.
3. පොලිස් සේවාව පවත්වන මධ්‍යස්ථානය.
4. රක්ෂණ ඔප්පුව ; මුදල් ගෙවීම් පිළිබඳ ගිවිසුම් පොරොන්දු පත්‍රය.
පොලී ක්‍රමය
නා. යම්කිසි මුදලක් වෙනුවෙන් අය කෙරෙන පොලියේ සියයට ගණන.
පොලී චක්‍රය
නා. සුළු පොලිය හා වැල් පොලිය සෙවීමේ චක්‍ර ක්‍රමය.
පොලුත්ත
නා. පොල් කටුව.