සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1131

පොම්පය

නා. ද්‍රව සහ වායු එක් තැනකින් තවත් තැනට විදීම සඳහා යොදනු ලබන යන්ත්‍ර විශේෂය.

පොයින්තුකාරයා

නා. දුම්රිය පීලි සන්ධි වන තැන්වලදී ඒවා සම්බන්ධ කිරීම, වෙන් කිරීම ආදි කටයුතු භාර සේවකයා.

පොර

1. නා.ප්‍ර. දබරය ; සටන ; අරගලය ; යුද්ධය.
2. යමක් ලබාගන්නට කරන උත්සාහය ; යමක් අපේක්ෂාවෙන් කරන තරගය.
3. තරග වාරය ; ක්‍රීඩා වාරය.
4. ඔට්ටුව ; පරදුව.
5. වැඩේ ; කාරිය.

පොර අනිනවා

ක්‍රි. ගව ආදි සතුන් දබර කරනවා.

පොර කුකුළා

නා. පොර කොටා ගැනීමට ප්‍රිය පොරකටු සහිත කුකුළා ; කුකුළන් කොටවීමට යොදා ගන්නා කුකුළා.

පොර කොටනවා

ක්‍රි. කුකුළු ආදි සතුන් උනුන් පහර දෙනවා.

පොර පිටිය

නා. සටන් බිම ; යුද බිම ; තරග බිම.

පොර මාරුව

1. නා. දැඟලිල්ල.
2. වීර්යය ; උත්සාහය.

පොර වදිනවා

ක්‍රි. දබර කරනවා.

පොරකනවා

1. ක්‍රි. දබර කරනවා ; පොර බදනවා.
2. දිනීමට උත්සාහ ගන්නවා.

පොරණ

වි. පෙර සිටි ; පැරණි ; පුරාණ ; පෞරාණික.
නා.ප්‍ර. පොරොත්තුව
1. නා. නවාතැන්
1. ඉකුත් කාලය ; අතීතය ; පුරාණ යුගය.
2. පුරාණ නමින් හැඳින්වෙන සංස්කෘත ග්‍රන්ථ ගණය.
3. නැටුම් වෙසෙසක්.

පොරණැදුරා

නා. පුරාණාචාර්යවරයා.

පොරපොල් ගැසීම

නා. උඩුපිල යටිපිල වශයෙන් බෙදී, පත්තිනි දෙවඟන වෙනුවෙන් කරනු ලබන යාතුකර්ම පූජාවක් හා සිංහල ජාතික ක්‍රීඩාවක් ; පොල් කෙළිය.

පොරවනය

නා. ඇඟ වසා ගන්නා වස්ත්‍රය.

පොරාදු

නා.ප්‍ර. කොට්ට, මෙට්ට, ගුදිරි හා ඇතිරිලි.

පොරාදු කරනවා

ක්‍රි. ඇඳ පුටු ආදියට කොට්ට, මෙට්ට, ඇතිරිලි ආදිය යොදනවා.

පොරි

නා.ප්‍ර. විලඳ ; බැද පුපුරවා ගන්නා ලද වී, ඉරිඟු ආදි ඇට.

පොරොත්තු

වි. නවතින ; ප්‍රමාදවන.

පොරොත්තුව

1. නා. නවාතැන් ගැනීම ; නැවතීම ; ප්‍රමාදවීම.
2. පදිංචි වීම ; වාසය කිරීම.
3. බලාපොරොත්තුව ; අපේක්ෂාව.
4. සේනාංකයක කොටසක්.

පොරොදු

නා.ප්‍ර. ඇතුන්ගේ හා අසුන්ගේ පිට හා හිස සරසන සිත්කලු සැරසිලි ; ඇත් හා අස් සන්නාහයක්.

පොරොන්දම

1. නා. ස්ත්‍රී පුරුෂයන් දෙදෙනකු විවාහයට යෝග්‍යදැයි නිශ්චය කිරීමට සෝදිසි කරන කරුණු ; විවාහය සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ උපන් නැකත ආදියෙන් බලන ගැළපුම.
2. අනුකූල බව.

පොරොන්දු ගිවිසුම

(පාරිභා.) නා. දෙපක්ෂයක් හෝ වැඩි ගණනක් අතර සම්මත කරගත් යම් යම් කොන්දේසි මත නීත්‍යනුකූල බැඳීමක් ඇති ව ඇති කරගන්නා ප්‍රතිඥාව.

පොරොන්දු පත්‍රය

නා. ගිවිසුමකට බැඳීමේ දී දෙපක්ෂයක් හෝ වැඩි ගණනක් අතර සම්මත කරගත් වගකීම් ආදිය සඳහන් ලියවිල්ල.

පොරොන්දුව

නා. ගිවිසුම ; ප්‍රතිඥාව.

පොරොව

1. නා. ගස් කැපීම, දර පැළීම ආදියට ගන්නා මිටක් සවි කළ ආයුධය ; පරසුව.
2. කඩදාසි කුට්ටමේ රැජිනගේ රූපය ඇති කාඩ්පත.