සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1134
පොළොව
1. නා. පෘථිවිය.
2. පස් ඛනිජ ආදිය ඇතුළත් ගොඩබිම.
3. ලෝකය.
4. පස්.
පොළෝ කම්පාව
නා. පොළව සෙලවීම ; පෘථිවි චලනය ; භුමි කම්පාව.
පොළෝ ගුගුරනවා
ක්‍රි. කම්පා වන පොළොව මේඝ ගර්ජනාවක් වැනි නාදයක් මතු කරනවා.
පොළෝ දෙවගන
නා. මිහිකත ; මහී කාන්තාව.
පොළෝ බිජු
නා.ප්‍ර. රත්රන් ; කනක ; ස්වර්ණ.
පෝ
1. නා.ප්‍ර. පැටියා ; පෝතකයා ; පොවුවා ; බාලයා.
2. පෝය ; පොහොය.
පෝච්චිය
1. නා. පැළ වැවීම අලංකාරය සඳහා මල් ආදි දෑ තැන්පත් කිරීම ආදිය සඳහා යෝග්‍ය කට පළල් බඳුනක්.
2. තේ කෝපි පිළියෙල කිරීමට ගැනෙන (අඬුවක් සහ කෙමියක් සහිත) බඳුන.
පෝටනය
නා. අත් පොළසන් දීම.
පෝටය
(පාරිභා.) නා. ආලෝක ස්රාවය මැනීමේ ඒකකයක්.
පෝට්ටු
නා.ප්‍ර. ගොඩනැගිලි අලංකාර කිරීමට සාදන මල් ලියවැල.
පෝටාව
1. නා. වැසිදිය රැස් කර තබා ගැනීමට සකස් කරගත් කුඩා වැව ; පතැස.
2. ලොකු ඇළකින් කුඹුරු කිහිපයකට දිය ගෙන යාමට කපන ලද කුඩා ඇළ.
3. වතුර බැසීම නතර කිරීමට කඳන් සිටුවා වැලි මලු දමා බඳින බැම්ම.
පෝතකයා
නා. වයසින් බාලයා ; පැටියා ; පොවුවා.
පෝතය
1. නා. රෙද්ද ; වස්ත්‍රය.
2. ගෙපළ.
3. ඔරුව ; බෝට්ටුව ; නැව ; නෞකාව.
4. අගය ; වටිනාකම.
පෝතලා
1. නා.ප්‍ර. හිවලා ; නරියා.
2. මුගටියා.
පෝථනය
නා. තැළීම ; ඇඹරීම ; පොඩි කිරීම ; කුඩු කිරීම.
පෝථුජ්ජනික
වි. බාල ජනයා විසින් සේවනය කරන ලද ; සාමාන්‍ය ජනයා හා සම්බන්ධ ; පෘථග්ජනයා පිළිබඳ ; ලෝකෝත්තර ඥානය නොලත් අය හා සම්බන්ධ.
පෝනා
1. වි. සෑහෙන ; ප්‍රමාණවත් ; දරා ගැනීමට පුළුවන් තරම් ; හැකිතරම්.
2. බීමට දෙන ; පොවන.
3. ගිලෙන ; පොව්වන.
පෝමන්
නා.ප්‍ර. කර්මාන්ත ශාලාවක කම්කරුවන්ගේ ප්‍රධානයා ; වැඩ මූලිකයා.
පෝමලින්
නා.ප්‍ර. කුණුවීම වැළැක්වීම සඳහා යොදන රසායනික විෂබීජ නාශකයක්.
පෝය හේවිසිය
නා. පෝයදින පූජා පිණිස විහාරස්ථානයක කරන තූර්ය වාදනය.
පෝර
නා.ප්‍ර. වෘක්ෂලතාදියේ වැඩීමට ආහාර වශයෙන් යොදන ද්‍රව්‍ය ; පොහොර ; ගොම, කොළ රොඩු ආදිය දිරවීමෙන් හෝ රසායනික දේ මිශ්‍රකිරීමෙන් හෝ මෙය සාදාගනු ලැබේ.
පෝරකය
නා. එල්ලුම් ගහ.
පෝරණය
නා. උළු, ගඩොල්, හුණු, පාන් ආදිය පුළුස්සා ගැනීමට උපයෝගී කර ගන්නා අධික රස්නයෙන් යුතු ගිනි උදුන.
පෝරමය
1. නා. රාජකාරියක් ඉටුකර ගැනීම හෝ යමක් ලබා ගැනීම හෝ යම් දෙයක් පිළිබඳව තොරතුරු දැනුම් දීම ආදිය සඳහා සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය ; ඉල්ලුම් පත්‍රය.
2. මුද්‍රිත පිටු අටකින් යුත් පොත් කලාපය.