සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1135
පෝරිසාදයා
1. නා. බියකරු දරුණු ගති පැවතුම් ඇති පුද්ගලයා.
2. මිනී මස් කන භයානක පුද්ගලයා.
පෝරු ගානවා
ක්‍රි. වැපිරීම සඳහා කුඹුරක් සකස් කිරීමේ දී පෙගුණු මඩ දිය වී සමතලා වීමට ඒ මත පෝරුවෙන් ඒ මේ අත අදිනවා.
පෝරුව
1. නා. ලෑල්ල ; පුවරුව ; තුනී තහඩුව ; ඵලකය.
2. කුඹුරේ මඩ සමතලා කරනු පිණිස ලෑලි කැබැල්ලකින් සාදා මිටක් සවිකර ඇති උපකරණය.
3. විවාහ අවස්ථාවල දී මංගල චාරිත්‍ර පැවැත්වීම සඳහා මනාළ යුවළ නංවනු ලබන මිටි දැවමුවා වේදිකාව.
4. දාදු ක්‍රීඩාවේ දී පස ඇට දමන ලෑල්ල.
5. කුඹල් සක ; සක පෝරුව.
6. ශරීරයේ ඇට ආදියේ තද පැතලි මතු පිට ; ඵලකය.
7. අත්යන්ත්‍ර රෙදි විවීමේ දී වියැවෙන නූල් තද කරන දිගටි උපකරණය.
8. ඇඳුම් මැසීමේ දී ඇඳුමේ සවි ශක්තිය සහ හැඩ වැඩ, සුවපහසුව සඳහා ඇතුළු පැත්තට අල්ලන රෙදි කොටස.
පෝලිම
නා. පැමිණි අනුපිළිවෙළ අනුව පේළියට සිටීම.
පෝලියෝ
(පාරිභා.) නා. වයිරසයක් නිසා සුෂුම්නාවේ ධුසර ද්‍රව්‍යයේ සෑදෙන ප්‍රදාහය ; බාලක පක්ෂාඝාත රෝගය.
පෝෂ ජීවියා
(පාරිභා.) නා. කලලය මාර්ගයෙන් වැඩෙන ප්රොටොසෝවාවන්ගේ පෝෂි අවස්ථාව.
පෝෂක
1. වි. පෝෂණය ලබන.
2. පෝෂණය කරන.
පෝෂක ග්‍රන්ථිය
(පාරිභා.) නා. පිටියුටරි ග්‍රන්ථිය.
පෝෂක සෛල
(පාරිභා.) නා.ප්‍ර. බීජාණු මූලයක සමාන්තර ව තැනෙන බිත්තිවලින් විභාජනය වන බාහිර සෛල.
පෝෂකය
(පාරිභා.) නා. 1. අවසානයේ දී දිය වී ගොස් වැඩෙන බීජාණු මාතෘ සෛල වටේ තිබෙන සෛල ස්තරය.
2. පෝෂ්‍ය ගුණ ඇති දෙය ; පෝෂණය ගෙන දෙන දෙය.
පෝෂණ
වි. පෝෂණය පිළිබඳ වූ.
පෝෂණය
1. නා. ආහාර පානාදිය සපයා ඇති දැඩි කිරීම.
2. වර්ධනය කිරීම හෝ වීම.
පෝෂණීය
(පාරිභා.) වි. පෝෂ්‍ය ජනක ආහාර අඩංගු වූ.
පෝෂ්‍ය
වි. ශරීර ශක්තිය ඇති කරන ; පෝෂණය ලබාදෙන ; ගුණදායී.
පෝෂ්‍යය
1. නා. පෝෂණය කිරීම ; හදා වඩා ගැනීම.
2. පෝෂ්‍ය ගුණයෙන් යුත් කොටස.
පෝෂිත
වි. දියුණු කළ ; පෝෂණය කළ ; රැක බලා ගත්තා වූ.
පෝස්ටර්
(පාරිභා.) නා.බහු. බිත්ති ආදියෙහි අලවා හෝ ප්‍රදර්ශනය කිරීමෙන් යමක් නිවේදනය කිරීම සඳහා භාවිත කරන විශාල දැන්වීම් පත්.
පෝසාවනික මිල
නා. හදා වඩා ගැනීම සඳහා ගෙවන ගාස්තුව ; පෝෂ්‍ය කිරීමේ ගාස්තුව.
පෝසිලේන්
1. නා.ප්‍ර. පැහැපත් දිස්නය ගෙන දෙන මැටි වර්ගයක්.
2. ඒවායෙන් සාදන ලද පිඟන් බඩු.
පෝහණිය
නා. සැප ලැබීම ; යහපත් ආහාර පානාදියෙන් ලැබෙන ශරීර ශක්තිය.
පෞච්ඡ
වි. වලිගය පිළිබඳ වූ ; පුච්ඡය හා සම්බන්ධ වූ.
පෞත්ර
වි. පුත්‍රයන් හෝ දරුවන් පිළිබඳ.
නා.ප්‍ර. පුතාගේ පුතා ; මුණුබුරා.
පෞද්ගලික
1. වි. තනි පුද්ගලයකු හා පමණක් සම්බන්ධ ; පුද්ගලයෙකුට අයත් ; පොදු නොවන.
2. රජයට හෝ පොදු ආයතනයකට අයත් නැති.
පෞද්ගලික අංශය
නා. තනි පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති, රජයට අයත් නැති අංශය.