පෝරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෑල්ල ; පුවරුව ; තුනී තහඩුව ; ඵලකය.
2. කුඹුරේ මඩ සමතලා කරනු පිණිස ලෑලි කැබැල්ලකින් සාදා මිටක් සවිකර ඇති උපකරණය.
3. විවාහ අවස්ථාවල දී මංගල චාරිත්ර පැවැත්වීම සඳහා මනාළ යුවළ නංවනු ලබන මිටි දැවමුවා වේදිකාව.
4. දාදු ක්රීඩාවේ දී පස ඇට දමන ලෑල්ල.
5. කුඹල් සක ; සක පෝරුව.
6. ශරීරයේ ඇට ආදියේ තද පැතලි මතු පිට ; ඵලකය.
7. අත්යන්ත්ර රෙදි විවීමේ දී වියැවෙන නූල් තද කරන දිගටි උපකරණය.
8. ඇඳුම් මැසීමේ දී ඇඳුමේ සවි ශක්තිය සහ හැඩ වැඩ, සුවපහසුව සඳහා ඇතුළු පැත්තට අල්ලන රෙදි කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. board
2. n. dais
3. Civ. drag
4. harrow
5. n. level
6. n. lining
7. n. plank
8. Civ. tablet
9. tabula
10. n. wad