අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 224

පෙරනය

නා. යම්කිසි ද්‍රවයක් පෙරා ගැනීමේ උපකරණය

පෙරමුණු

නා. ඉදිරිය/ මූලිකත්වය/ යුද බිම

පෙරහන

නා. දියර පෙරන රෙදිකඩ හෝ උපකරණය (පා. පරිස්සාවන සං පරිශ්‍රාවණ)

පෙරළනවා

ක්‍රි. වෙනස් වෙනවා/ බිම වැටෙනවා/ කැලතෙනවා

පෙරළිය

නා. විපර්යාසය/ කෝලාහලය/ රැල්ල

පෙලඹෙනවා

ක්‍රි. ආශා කරනවා, ඇලෙනවා/ යොමු වෙනවා; ඇබ්බැහි වෙනවා (සං. ප්‍රලම්භති)

පෙළ

1. නා. බුද්ධ වචනය; ත්‍රිපිටක ධර්මය (පා. පාළි) 2. වාක්‍යය (පා. සං. පාඨ) 3. සමූහය/ පේළිය/ ශ්‍රේණිය (සං. පඞ්ක්ති)

පෙළනවා

ක්‍රි. පීඩා කරනවා; පොඩි කරනවා (පා. පීළති)

පෙළපත

නා. පරපුර; වංශය/ වර්ගය; විශේෂය

පෙළපාළිය

නා. පිළිවෙල/ විරුද්ධත්වය හෝ පක්ෂපාතිත්වය දැක්වීමට සංවිධානය කළ පෙරහර

පෙළපොත්

නා.බහු. ත්‍රිපිටක ග්‍රන්ථ/ පාසැල් ශ්‍රේණි පොත්

පෙළවහ

නා. විවාහය/ පරම්පරාව

පෙළවාසිය

නා. ආවාහය/ පෙළවහ

පෙළහර

නා.ප්‍ර. ප්‍රාතිහාර්යය (පා. පාටිහාර සං. ප්‍රාතිහාර්ය)

පෙළැන්තිය

නා. පැළැන්තිය

පෙළෙනවා

ක්‍රි. පීඩාවට පත් වෙනවා

පේනුව

නා. විදුලිය ලබා ගැනීමට කෙවෙනියට සවි කරන කොටස

පේශ කර්මාන්තය

නා. රෙදි විවීමේ කාර්යය

පේශල

වි. ශික්ෂාකාමී/ යහපත්; ගැළපෙන (සං. පෙශල)

පේශිය

නා. මස් ගොබය/ කලල රූපය/ පක්ෂි බිජුව (සං. පෙශි)

පේසාවළලු

නා.බහු. චෛත්‍යයක සාදා ඇති බිම්මහල් වළලු තුන

පේළිය

නා. පෙළ; ආවලිය (සං. පඞ්ක්ති)

පෛශාචි

නා.ප්‍ර. ඉන්දීය ප්‍රාකෘත භාෂාවක නාමය (සං. පෛශාචි)