පෙරහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දියර පෙරීම සඳහා උපයෝගී කරගන්නා කරගන්නා උපකරණයක් ; පැන් පෙරන රෙදිකඩ ; පෙරහන්කඩ.
2. ශබ්දය, විදුලිය වැනි භෞතික වස්තු පෙරෙන්නට සලස්වන උපකරණය හෝ කාර්ය ක්‍රමය.
3. ළඟින්-ළඟින් පත්ල සිදුරු කරන ලද ලෝහ බඳුන ; පිසන ලද හෝ පිසිනු ලබන ආහාර ආදියෙහි දිය සිඳුවීම සඳහා භාවිත කරන ලෝහ බඳුන.
4. ජලය පිරිසිදු කිරීම සඳහා විද්‍යානුකූලව සාදන ලද උපකරණය.
5. (ද්‍රවය) ඇදගැනීම ; උරා ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දියර පෙරන රෙදිකඩ හෝ උපකරණය (පා. පරිස්සාවන සං පරිශ්‍රාවණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. colander
2. n. cullender
3. n. filter
4. n. percolator
5. sieve
6. n. strainer
7. fillter