සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1124
පෙරහන
1. නා. දියර පෙරීම සඳහා උපයෝගී කරගන්නා කරගන්නා උපකරණයක් ; පැන් පෙරන රෙදිකඩ ; පෙරහන්කඩ.
2. ශබ්දය, විදුලිය වැනි භෞතික වස්තු පෙරෙන්නට සලස්වන උපකරණය හෝ කාර්ය ක්‍රමය.
3. ළඟින්-ළඟින් පත්ල සිදුරු කරන ලද ලෝහ බඳුන ; පිසන ලද හෝ පිසිනු ලබන ආහාර ආදියෙහි දිය සිඳුවීම සඳහා භාවිත කරන ලෝහ බඳුන.
4. ජලය පිරිසිදු කිරීම සඳහා විද්‍යානුකූලව සාදන ලද උපකරණය.
5. (ද්‍රවය) ඇදගැනීම ; උරා ගැනීම.
පෙරහර
1. නා.ප්‍ර. රැක බලා ගැන්ම ; ඇප උපස්ථාන සහිත ව කෙරෙන ආරක්ෂාව ; මහත් හරසර.
2. ගරු බුහුමන් සහිත ව, ආගමික හා ජාතික උත්සවවල ප්‍රධාන කොටසක් හැටියට සැලකෙන ජනගමන ; ගෞරව පිණිස චාමර, කොඩි, සේසත් ඇති ව, නැටුම් ගැයුම්, තූර්යවාදන හා අලි, ඇතුන් සහිත ව සැරිසරා යන ජන සන්දර්ශනය.
පෙරළනවා
1. ක්‍රි. අනෙක් පිට හරවනවා ; උඩු යටිකූරු කරනවා.
2. උස් තැනකින් පහතට වැටෙන්ට සලස්වනවා ; තල්ලු කරනවා.
3. බිම දිගේ ඇදගෙන යනවා.
4. භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරනවා.
5. (ඇඳුම් ආදිය) මාරු කරනවා ; වෙනස් කරනවා.
6. බඩු මුට්ටු හුවමාරු කරනවා ; වෙළඳ ගනදෙනු කරනවා.
7. පොතක පිටු පෙරළනවා.
8. - බිම වැටෙන්ට සලස්වනවා ; බිම දමනවා.
9. සංයුතිය වෙනස් කරනවා ; වෙනත් තත්ත්වයකට පත් කරනවා ; අන්දම් මාරු කරනවා.
10. අහකට දමනවා ; ඉවත් කරනවා.
11. වෙනස් කරනවා ; විකෘති කරනවා ; විපර්යාස කරනවා.
12. කලබල කරනවා ; ගාල ගෝට්ටි කරනවා.
13. පිළිසකර කරනවා ; අලුත් කරනවා.
14. (අලුතින්) ආරම්භ කරනවා.
පෙරළි බස
නා. වචනවල අකුරු හෝ ශබ්ද මාරු කොට කතා කරන ව්‍යවහාරය.
පෙරළිකාරයා
නා. කලබල කරන්නා ; කෝලාහල කරන්නා; අවුල්-වියවුල් ඇති කරන්නා.
පෙරළිය
1. නා. (ව්‍යාක.) ස්වර, ව්‍යඤ්ජන, පද ආදිය මාරුවීම; වර්ණ . විපර්යාසය.
2. වෙනසකට | පත් වීම ; විපරීත වීම ; පරිවර්තනය.
3. කෝලාහලය ; කලබලය ; විප්ලවය.
පෙරාතු
වි. පළමු ; පෙර ; පසුගිය ; පූර්ව.
පෙරැත්ත කරනවා
ක්‍රි. ඉතා ඕනෑකමින් කියා සිටිනවා ; පුන පුනා අයදිනවා ; දැඩි ලෙස ඇරයුම් කරනවා ; දිගින් දිගට ඉල්ලා සිටිනවා.
පෙරීම
(පාරිභා.) නා. 1. ද්‍රාවණයක් සුදුසු මාධ්‍යයක් තුළින් යැවීමෙන් ඝන ද්‍රව්‍ය ද්‍රවයෙන් වෙන් කිරීම ; පරිශ්රාවණය.
2. ද්‍රවයක් වාෂ්ප කොට නැවත ඝනීභවනය කිරිම ; ආසවනය.
3. ධාන්‍ය, පිටි ආදිය පැසවා මත්පැන් ලබා ගැනීම.
පෙරුන්කායම්
නා.ප්‍ර. දැඩි ගඳකින් යුත් ඖෂධීය ලාටු විශේෂයක්.
පෙරුම්
1. නා.ප්‍ර. බුදු බව ලබා ගැනීම සඳහා සසර පිරිය යුතු දස වැදෑරුම් ගුණධර්ම.
2. බලාපොරොත්තුව ; පැතුම ; ආශාව.
පෙරුම්දම්
නා.ප්‍ර. පාරමිතා ධර්ම ; බුද්ධ කාරක ධර්ම ; පාරමී ධර්ම ; පාරමිතා.
පෙරුමාල්
1. නා.ප්‍ර. උතුම් තැනැත්තා ; ශ්‍රේෂ්ඨ පුද්ගලයා.
2. විෂ්ණු දෙවි.
පෙරෙට්ටුව
1. නා. වැඩ ආරම්භ කිරීමට පෙර ගණන් ගැනීම සඳහා වැඩ කරන්නන් පෙළ ගැසීම.
2. අපරාධයක සැකකරුවන් හඳුනාගැනීම සඳහා තවත් මිනිසුන් සමූහයක් සමග ඒ අය පේළියට සිටුවීම.
3. බළමුළුවක භටයන් උසස් නිලධාරියකුගේ පරීක්ෂාව සඳහා දු නිල ඇඳුමින් සැරසී පිළිවෙළට සිටීම.
පෙරෙනාට්ටියම්
නා.ප්‍ර. අනුරාධපුර සමයෙහි රජවාසලට අය විය යුතු ව තිබුණු බිම්බදු විශේෂයක්.
පෙරේතයා
1. නා. පෙර ජාතියක කරන ලද පව් නිසා අතිශය දුක් විඳින අමනුෂ්‍ය කොට්ඨාසයකට අයත් ජීවියා ; ප්‍රේතයා.
2. (රූඪි.) පහත් තැනැත්තා ; අධමයා.
3. (කථා.) (රූඪි.) දැඩි ලෝභයා.
4. (කථා.) (රූඪි.) අපිරිසිදු පුද්ගලයා.
පෙරොක්සයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. අණුවෙහි එකට බැඳුණු ඔක්සිජන් පරමාණු දෙකක් ඇත්තා වූ ද, අම්ල සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්රජන් පෙරොක්සයිඩ් දෙන්නාවූ ද ඔක්සයිඩ.
පෙල
1. නා. ගෙඩිය ; ඵලය.
2. විපාකය ; ආනිසංසය ; ප්‍රයෝජනය ; ප්‍රතිඵලය.
පෙලඹෙනවා
1. ක්‍රි. ආශා කරනවා ; ඇලෙනවා ; ඇදී යනවා ; කැමති වෙනවා.
2. යොමු වෙනවා ; ඇබ්බැහි වෙනවා.
පෙල්ට්
(පාරිභා.) නා.ප්‍ර. මුල්, කෙඳි ආදිය අඹරා සමපීඩනය කිරීමෙන් සාදනු ලබන රෙදි විශේෂයක්.
පෙල්ල
1. නා. පොල්ල ; ලී කැබැල්ල
2. අණ්ඩ කෝෂය ; මුෂ්කය ; බීජය.
3. වැට කඩුලුවලින් රිංගා යාමට නොහැකි වන සේ හරක් එළු ආදි සතුන්ගේ බෙල්ලේ බඳින ලී කැබැල්ල.
4. වතාව ; වාරය ; අවස්ථාව.
5. වතුර මතුපිට මාළු දැල පාවීම සඳහා සවි කරනු ලබන සැහැල්ලු ලී කැබැල්ල.
පෙවෙණි
නා.ප්‍ර. පරම්පරාවෙන් එන අයිතිය ; පාරම්පරික හිමිකම ; උරුමය ; ප්‍රවේණිය.
පෙහෙකම්
1. නා.ප්‍ර. අටසිල් ගැනීම පෙහෙවස සමාදන්වීම ; උපෝසථ කර්මය.
2. රෙදි විවීම ; පේෂ කර්මාන්තය.