සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1125
පෙහෙකර
1. නා.ප්‍ර. රෙදි වියන්නා ; පේෂ කාර්මිකයා.
2. බෙර ගසන්නා ; භේරි වාදකයා.
පෙළ
1. නා. පාළි භාෂාව ; බුද්ධ වචනය ; ත්‍රිපිටක ධර්මය.
2. වාක්‍යය ; වාක්‍යයක කොටස ; පාඨය.
3. ඡේදය.
4. පේළිය ; වැල ; ආවලිය.
5. ශ්‍රේණිය ; වර්ගය.
6. වංශය ; පරපුර ; පෙළපත.
7. සමූහය ; පඞ්ක්තිය.
පෙළදම්
නා.ප්‍ර. පාළි ධර්මය ; ත්‍රිපිටකය ; මුල් බුද්ධ භාෂිතය.
පෙළනවා
1. ක්‍රි. පීඩා කරනවා ; හිරිහැර කරනවා ; පීඩාවට පත් කරනවා.
2. පොඩි කරනවා ; මිරිකනවා ; හිර කරනවා ; තද කරනවා.
3. විහිළු - තහළු කරනවා ; කොලොප්පන් කරනවා ; අපහාස කරනවා.
පෙළන්තිය
1. නා. වාසගම ; මුල්නම ; පරම්පරාවෙන් පැවත එන නාමය.
2. පරම්පරාව ; වංශය; පරපුර.
පෙළපාළිය
1. නා. පිළිවෙළ; ක්‍රමය.
2. පෙළට ගමන් කිරීම; යුද්ධාභ්‍යාස වසයෙන් සිදු කරන සරඹ සන්දර්ශනය.
3. විරුද්ධත්වය හෝ පක්ෂපාතිත්වය දැක්වීම පිණිස උද්වේගකර ලෙස සංවිධානය කළ පෙරහැර.
පෙළපොත්
1. නා.බහු. බුදුසමයට අයත් මුල් පාලි ග්රන්ථ ; මුල් බුදු දහමට අයත් ත්‍රිපිටක පාලි ග්රන්ථ.
2. නූතන අධ්‍යාපනය සඳහා නිර්දිෂ්ට ග්රන්ථ.
පෙළබස
නා. පාළි භාෂාව.
පෙළවස
1. නා. විවාහය ; කරකාර බන්ධනය.
2. පරපුර ; පවුල ; වංශය.
පෙළවාසිය
නා. ආවාහය ; දීගය ; කසාදය ; මංගල ප්‍රස්තාව
පෙළහර
නා.ප්‍ර. විස්මය එලවන පුදුම ක්‍රියාව; ආශ්චර්යජනක සිද්ධිය ; ප්රාතිහාර්යය.
පේ
1. නා.ප්‍ර. අධික දුක් විඳිත අමනුෂ්‍ය විශේෂයක් ; ප්‍රේතයා.
2. සිල් සමාදන් වීම ; සිල් රැකීම.
3. සූදානම ; සැරැසීම; පිළියෙල වීම.
පේකඩය
1. නා. යට ලීය තැන්පත් කිරීම සඳහා කණු මත තබන ලී හෝ ගල් හෝ කැබැල්ල ; කණු මුදුන ; කුලුණු හිස.
2. ස්තම්භයක පාදය හස. වටා පිටට නෙරූ කොටස.
පේටකය
1. නා. පෙට්ටිය ; පැස ; මල්ල.
2. (පාරිභා.) කොපුව ; විශේෂයෙන් කණ්ඩරාවක ලසිකා කොපුව.
3. රාශිය ; සමූහය.
පේටන්ට්
නා.බහු. නව නිෂ්පාදනයක් වෙළෙඳපොළෙහි තැබීමට නිෂ්පාදකයාට තනි අයිතියක් පවරන රජයේ නිල සහතිකය හෝ බලපත්‍රය.
පේන
නා.ප්‍ර. එක්තරා ශාස්ත්‍රයක් මගින් නොහොත් ආවේශයෙන් ප්‍රකාශ කරන අනාවැකිය නොහොත් හෙළිදරවු කරන වර්තමාන තත්ත්වය ; ශාස්ත්‍රය.
පේනකාරයා
නා. පේන කියන්නා; ආවේශවීම් ආදියෙන් ශාස්ත්‍ර කියන්නා.
පේනි කරනවා
ක්‍රි. පරිස්සම් කරනවා ; ආරක්ෂා කරනවා ; රැකබලා ගන්නවා.
පේනුව
1. නා. ඇබය ; පියන; මූඩිය ; පිධානය.
2. (විදුලිය ගැන්වීම පිණිස) කෙවෙනියට වද්දන ඇණ සහිත උපකරණය.
පේය
වි. බීමට සුදුසු ; පානය කළ හැකි ; පානයෝග්ය.
පේයා සුළඟ
නා. සුළි සුළඟ ; කුණාටුව.
පේයාව
1. නා. හාල්, වී, පොරි ආදිය ඉතා සුළු වශයෙන් බහා පිළියෙල කරගත් ඖෂධීය පානයක් ; බෙහෙත් කැඳ.
2. බෙහෙත් වර්ග ජලයෙහි ලා කකාර ගන්නා ඔසු පැන.
පේරස්
නා.ප්‍ර. රාජමුද්‍රාව සහිත මුද්ද ; රාජ මුද්‍රිකාව.
පේරැස් වළල්ල
නා. ධාතු Loz තැන්පත් කර ඇති සිදුරු සහිත ඇත් දත් මුද්ද.