සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1126
පේරු දන
නා. නියම කරන ලද දිනට දෙන දානය ; ඒ ඒ පළාත්වාසීන්ට වෙන් කොට දෙන මුර දානය ; සලාක දානය.
පේරුකාරයා
නා. උඩරට රාජ්‍ය සමයේ උසස් නිලධාරින්ගේ සේවයෙහි යෙදුණු සුළු මුලාදෑනියෙක්.
පේරුව
1. නා. සුළු මුලාදෑනියකුගේ රාජකාරියට අයත් ප්‍රදේශය හෝ කොට්ඨාසය.
2. කණ්ඩායම ; පිරිස.
3. පරපුර ; වර්ගය ; වංශය ; පෙළපත.
පේවමාපකය
නා. (සාමා.වි.) කම්බියක විෂ්කම්භය තහඩුවක ඝනකම වැනි සුළු දිග ප්‍රමාණයක් මැනීමට භාවිත කරන උපකරණයක්.
පේශකාරයා
නා. රෙදි වියන්නා ; රෙදි වියන කුලයෙහි වූ තැනැත්තා.
පේශල
1. වි. සිල්වත් වූ ; ශික්ෂාකාමී වූ ; ලජ්ජි වූ.
2. යහපත් ; ගැළපෙන.
3. ප්‍රසන්න, ප්‍රියමනාප.
4. දක්ෂ ; සමර්ථ.
5. කපටි ; ප්‍රයෝගකාර.
6. සිනිඳු ; සිලුටු.
පේශි කෝෂය
1. නා. පේශියක් පිහිටා තිබෙන තුනී විනිවිද පෙනෙන ප්‍රතානය.
2. කුරුලු බිජුව.
පේශි පටකය
(පාරිභා.) නා. පේශියක් සම්බන්ධක පටක මගින් එකට මිටි බැඳුණු තන්තු රාශිය.
පේශි පද්ධතිය
(පාරිභා.) නා. සතකුගේ ශරීරයෙහි පිහිටි පේශි ස්කන්ධය.
පේශි ප්‍රාචීරය
(පාරිභා.) නා. යාබද පේශි ඛණ්ඩක දෙකක් අතර තිබෙන සම්බන්ධක පටක ආවාරය ; මයෝකෝමාව.
පේශි රූපය
නා. කලල රූපය වර්ධනය පිළිබඳ තුන් වැනි අවස්ථාව.
පේශි විද්‍යාව
(පාරිභා.) නා. පේශි පිළිබඳ ව උගන්වන ශාස්ත්‍රය.
පේශි ස්තරය
(පාරිභා.) නා. සතකුගේ ශරීරයෙහි පිහිටි පේශි තට්ටුව.
පේශි සේත්රය
(පාරිභා.) නා. පේශිය ඇටයට සවි කරන බැම්ම ; බලනහරය ; ඛණ්ඩරාව.
පේශි සෛලය
(පාරිභා.) නා. පේශියක් නිර්මාණය වී ඇති සෛලය.
පේශිකර
නා.ප්‍ර. මස්වැදලි හෙවත් පේශිවල ඇති මාංශජනක ධාතු වර්ගය.
පේශිතන්තුව
නා. සියුම් සූත්‍රිකාවලින් සෑදුණු කෙඳි රාශියකින් යුක්ත දික් පේශි සෛලය.
පේශිතානය
නා. පේශිවල ස්වභාවය ; ස්වාස්ත්යය.
පේශිය
1. නා. මස්පිඩ ; මස් ගොබය.
2. (සත්ව.) ශාරීරික චලනය ඇති කරන සංකෝචක පටකය.
3. මව් කුස උපන් කලල රූපය.
4. පක්ෂි බිජුව.
5. පිපුණු දළුව.
6. කොපුව.
පේෂ කර්මාන්තය
නා. රෙදි පිළි විවීම පිළිබඳ කර්මාන්තය ; වස්ත්‍ර නිෂ්පාදනය හා සම්බන්ධ කර්මාන්තය.
පේෂක දන්තය
(පාරිභා.) නා. ඇඹරුම් දත.
පේෂකය
(පාරිභා.) නා. කෑම හැපීමට ආධාර වන යටි හක්කේ ඇති පේශියක්.
පේෂණය
1. නා. ඇඹරීම.
2. උෂ්ණ කොට ද්‍රව්‍ය අඹරා ගැනීම.
3. ඇඹරුම්ගල.
4. අතින් ක්රියකරවන ඇඹරුම් යන්ත්‍රය.
5. (පාරිභා.) (භෞති.) විසර්ජන නළයක කැතෝඩය පෘථක්කරණයවීම.
පේෂණීය
1. නා. ඇඹරුම් ගල ; මෝගල.
2. කුරුල්ලන්ගේ ආහාර ඇඹරෙන දෙවෙනි ආහාර බොක්ක.
3. සමහර මත්ස්‍ය, කෘමි ආදීන්ගේ විශේෂ . පේශිමය ආමාශය.