බඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බඳින ලද ; ගැට ගැසූ ; එල්ලූ ; බද්ධ වූ.
2. අනුන් සතු වූ; අන්හට අයත් වූ
3. තනන ලද ; ගොඩ නගන ලද ; ඉදි කරන ලද.
4. පටන් ගත් ; ආරම්භ කළ , ඇරැඹූ.
5. සිතින් බැඳී ගිය ; පිළිබඳ සිතින් යුත්
6. ළංව පිහිටි; යාබද ; එකට එක කිට්ටු වූ.
7. රචනා කළ , ප්රබන්ධ කැරුණු.
8, ස්ථිර ; තිර ; ස්ථාවර.
1. නා.ප්ර. යහළුවා ; මිතුරා ; හිතවතා.
2. සිරුර ; ශරීරය. -ගත ; දේහය.
3. හිස සහ අත් පා නැති ශරීර කොටස ; කඳ.
4. උපකරණයක භාණ්ඩයක මැද මහත කොටස.
5. උදලු පොරෝ ආදියෙහි මිට සවි කරන සිදුර.
නි. සමානත්වය දැක්වීම සඳහා යෙදෙන නිපාත පදයක් ; බඳු ; වැනි ; සැටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බඳනා ලද/ තනන ලද/ පටන් ගත් (පා. සං. බද්ධ) නා.ප්ර. සිරුර/ ශරීර මධ්ය ප්රදේශය/ ආයුධයක මිට සවි කරන විල්ල (සං. බන්ධ)