බඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හින්දු ත්‍රිමූර්තියේ පළමුවැන්නා වන මහා දෙවියා ; විශ්වයේ නිර්මාතෘවරයා ; බ්‍රහ්මයා.
2. බ්‍රහ්ම ලෝක දහසයෙන් කවර එකක හෝ වාසය කරන්නා.
3. ඉහළ ම බ්‍රහ්ම ලෝකය වන අකනිට්ඨාවේ ප්‍රධාන බ්‍රහ්මයා ; සහම්පති බ්‍රහ්මරාජයා.
4. දෙවියන්ගේ ආචාර්යවරයා ; බ්‍රහස්පතී ; සුරගුරු ; සුර ඇදුරු.
5. බමුණු කුලයෙහි උපන්නා ; බ්‍රාහ්මණයා.
6. උත්තමයා ; ශ්‍රෙෂ්ඨයා ; උතුමා.
7. ගුරුවරයා , ශික්ෂකයා ; ආචාර්යවරයා.
8. කේතු ග්‍රහයා.
9. උතුම් දෙය ; උත්තමත්වය ; ශ්‍රේෂ්ඨත්වය.
10. උඩුකය.
11. උත්සාහය ; ව්‍යායාමය.
වි. උතුම් ; උත්තම ; මහාර්ඝ ; විශිෂ්ට ; ශ්‍රේෂ්ඨ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සියල්ලට මුල් වූ මහා දෙවියා; මහා බ්‍රහ්මයා/ සහම්පතී බ්‍රහ්මයා (පා. සං. බ්‍රහ්ම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brahmin
2. n. fathom