සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1145
බබළනවා
ක්රි. දිලිසෙනවා ; කාන්තිය විහිදනවා ; දීප්තිමත් ව පවතිනවා ; ප්රභාමත් වෙනවා.
2. වැජඹෙනවා ; විරාජමාන වෙනවා ; භ්රාජමාන වෙනවා.
බබුරා
1. නා. බර්ගර් ජාතිකයා.
2. ඉතා අඩු යුක්ත සංස්කෘතියකින් යුක්ත තැනැත්තා ; මිලේච්ඡයා.
බමණ
1. නා.ප්ර. බ්රාහ්මයා ; ද්විජයා.
2. බමුණන්ගේ අසපුව ; තපෝවනය.
3. කැරකීම ; භ්රමණය.
4. ක්ලාන්තය.
1. වි. කැරකෙන ; කරකැවෙන ; භ්රමණය වන.
2. ඔබ-මොබ ගැවසෙන ; සංචාරය කරන.
බමනවා
1. ක්රි. කැරකෙනවා ; කරකැවෙනවා ; භ්රමණය වෙනවා.
2. සොලවනවා; නටවනවා.
3. කලඹනවා ; කලම්බනවා ; උද්දාම කරනවා.
බමර
1. වි. වටා කැරකෙන ; භ්රමණය වන ; පරිභ්රමණය වන.
2. (සමහර හිසකෙස් සේ) වකුටු ; රැලි සහිත ; බඹුරු.
බමර තත
නා. තත් සතක් ඇති වීණාවේ මුල් ම තත; මී මැසි හඬට සමාන හඬක් නංවන හෙවත් 'ස' ස්වරය හැඬවෙන තන්ත්රිය.
බමරය
නා. අදිනු ලබන නූලක ආධාරයෙන් කූරක් මත වේගයෙන් කරකැවීමට සලස්වන ක්රීඩා භාණ්ඩයක්.
බමරා
1. නා. මල් පැණි රැස්කර විශාල වද සාදන මැසි වර්ගයක් ; බඹරා.
2. මී පැණි සාදන කුඩා මැසි වර්ගයක් ; මී මැස්සා ; භෘඞ්ගයා.
බම්බු
1. වි. බටයක වැනි හැඩය ඇති.
2. උණ හෝ බට ලීයෙන් තනන ලද ; උණ ගස පිළිබඳ.
බම්බුව
1. නා. ඇතුළත කුහර සහිත සිලින්ඩරාකාර ලොකු නළය ; පයිප්පය ; බටය.
2. කුහරය සහිත උණ බට ආදී දඬු විශේෂය.
3. උණ පුරුක ; උණ පුරුකින් තැනූ කොපුව.
බම්මන්නා
1. නා. පැරණි රාජසභාවල සිටි විහිළුකාරයා ; රාජකීය කවටයා.
2. දේශීය ජන නාට්යවල එන විකටයා ; බහුබූතයා.
බමුණා
1. නා. බ්රාහ්මණ වංශයේ උපන් තැනැත්තා ; බ්රාහ්මණයා.
2. පව් බැහැර කළ උතුමා ; ඉන්ද්රිය දමනය කළ තැනැත්තා.
3. කලට නුසුදුසු, යල් පැනගිය මත දරන්නා ; ගතානුගතික පුද්ගලයා.
බමුණු
වි. බ්රාහ්මණයන්ට අයත්; බ්රාහ්මණ වංශයේ වූ ; බමුණන් පිළිබඳ වන ; බ්රාහ්මණ සම්ප්රදායට අයත්.
බමුණු කුලය
1. නා. භාරත සමාජයේ පැවැති කුල සතරින් පළමු වැන්න.
2. බමුණු පවුල ; බමුණු නිවස.
3. නාග කුල සතරෙන් එකක්.
4. සාමාන්ය ජනයාට වඩා තමන් උසස් ය කියා වෙන්ව වසන පිරිස.
බමුණු මහසල් කුලය
නා. ඉතා ධනවත් බමුණු කුලය.
බඹ
1. නා.ප්ර. හින්දු ත්රිමූර්තියේ පළමුවැන්නා වන මහා දෙවියා ; විශ්වයේ නිර්මාතෘවරයා ; බ්රහ්මයා.
2. බ්රහ්ම ලෝක දහසයෙන් කවර එකක හෝ වාසය කරන්නා.
3. ඉහළ ම බ්රහ්ම ලෝකය වන අකනිට්ඨාවේ ප්රධාන බ්රහ්මයා ; සහම්පති බ්රහ්මරාජයා.
4. දෙවියන්ගේ ආචාර්යවරයා ; බ්රහස්පතී ; සුරගුරු ; සුර ඇදුරු.
5. බමුණු කුලයෙහි උපන්නා ; බ්රාහ්මණයා.
6. උත්තමයා ; ශ්රෙෂ්ඨයා ; උතුමා.
7. ගුරුවරයා , ශික්ෂකයා ; ආචාර්යවරයා.
8. කේතු ග්රහයා.
9. උතුම් දෙය ; උත්තමත්වය ; ශ්රේෂ්ඨත්වය.
10. උඩුකය.
11. උත්සාහය ; ව්යායාමය.
වි. උතුම් ; උත්තම ; මහාර්ඝ ; විශිෂ්ට ; ශ්රේෂ්ඨ.
බඹ ගොස
නා. අංග අටකින් සමන්විත ඉතා පැහැදිලි, නිරවුල්, පැතිර යන මිහිරි ගැඹුරු කටහඬ ; බුදුරදුන්ගේ ස්වරය.
බඹ තලය
නා. බ්රහ්මයන් වාසය කරන ලෝක පද්ධතිය ; දහසය ලෝකයකින් සමන්විත රූපාවචර බ්රහ්ම තලය.
බඹ දත්
1. නා.ප්ර. බ්රහ්මයා විසින් දෙන ලද්ද.
2. සිවුර ; චීවරය.
3. පුරාණ දඹදිව බරණැස් නුවර රජ කළ රාජ පරම්පරාවක්.
බඹ මොහොත
නා. අරුණ නැගෙන්නට පෙර සිංහල පැය දෙකක් පමණ කාලය ; බ්රහ්ම මුහුර්තය.
බඹය
නා. දිග මැනීමේ පැරණි මිම්මක් ; සතර රියන ; යාර දෙකේ හෙවත් අඩි හයේ දිග ප්රමාණය ; දෙපසට විහිදූ දෑතෙහි එක් අතක මැදැඟිලි තුඩ සිට අනෙක් මැදැඟිලි තුඩ දක්වා දිග ප්රමාණය.
බඹර
1. වි. බඹරාට අයත් ; බඹරා පිළිබඳ ; බඹරාට සමාන.
2. කරකැවෙන ; භ්රමණය වන ; බමන.
බඹරය
1. නා. බඹර මැස්සන් විසින් බඳිනු ලබන තනි වදයකින් යුත් විශාල පැණි වදය.
2. ක්රීඩා භාණ්ඩයක්; බමරය.
බඹරා
බමරා බ.