සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1146
බඹලොව
නා. බ්‍රහ්මයන් වසන සොළොස් වැදෑරුම් ලෝකය.
බඹවිහරණය
නා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ශ්‍රේෂ්ඨතම ගුණ සතරින් යුතුව විසීම ; උත්තම පැවැත්ම ; බ්‍රහ්ම විහරණය.
බඹසර
1. නා.ප්‍ර. මෛථුන සේවනයෙන් වැළකී සිටීම ; කාම සම්භෝගයෙන් වෙන් වීම ; අබ්‍රහ්මචර්යාවෙන් මිදී සිටීම.
2. කාම මිථ්‍යාචාරයෙන් වැළකීම ; කාමයේ වරදවා හැසිරීමෙන් මිදීම.
3. ගිහිගෙයින් නික්ම මහණදම් පිරීම.
4. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නා ; පැවිද්දා ; තවුසා ; බ්‍රහ්මචාරියා.
5. ආශ්‍රමය ; අසපුව ; තපෝවනය.
බඹා
1. නා. විශ්වයේ නිර්මාතෘ ලෙස සැලකෙන මහාබ්‍රහ්මයා ;
2. පෙරහරවල දී ගෙන යනු ලබන විශාල විකට රූපයක්.- මහබඹා.
බඹුරා
බබුරා බ.
බඹුරු
1. වි. (සමහර හිසකෙස් සේ) වකුටු ; නැමී ගිය රැලි සහිත ; වක්වූ ; බමර.
2. තද දුඹුරු පැහැයෙන් යුත් ; කිඹුල් වන් ; කපිලවර්ණ.
1. නා.ප්‍ර. අමාරු දෙය ; දුෂ්කර කාර්යය ; ව්‍යාකූල වූ ක්‍රියාව.
2. කුකුළා ; සැවුළා ; කුක්කුටයා.
බය
1. නා. සිදු විය හැකි විපතක් පිළිබඳ ව සිතෙහි ඇති වන වේදනා සහගත ආවේගය ; භීතිය ; බිය.
2. වැරදි සහගත දෙයක් කිරීමට ඇති වන පැකිළීම.
3. අදෘශ්‍යමාන බලවේග පිළිබඳව සිත් තුළ හට ගැනෙන ගෞරව සම්ප්‍රයුක්ත තැති ගැනීම.
4. සන්ත්රාසය ; පසුබෑම ; සබකෝලය.
5. ධෛර්යය නොමැතිකම ; බයාදුකම ; බියගුලු බව.
බයටින්
(පාරිභා.) නා.ප්‍ර. බහුල වශයෙන් ස්වභාවිකව සෑදෙන අවර්ණ, ස්ඵටිකරූපී ‘බී’ විටමින් වර්ගයක්
බයාදු
1. වි. බය ගතියෙන් යුත් ; බියසුලු.
2. ලජ්ජාශීලි.
බයිකාබනේට්
නා.ප්‍ර. (රසා.) ජලයෙහි ද්‍රාව්‍ය වන ආම්ලික ලවණ විශේෂයක් ; කාබනික් අම්ලයේ ආම්ලික ලවණය.
බයිටය
නා. පරිගණකයක දත්ත ප්‍රමාණය මනින ඒකකයක් ; බීට් අටක දත්ත ප්‍රමාණයක් බයිටයක් ලෙස හැඳින්වේ.
බයිනෙත්තුව
නා. රයිපල් තුවක්කුවේ අගට සවි කරනු ලබන සිහින් උල් ආයුධය.
බයිනෝකියුලරය
නා. දුර බලන කණ්ණාඩිය ; ද්වි ආක්ෂික අන්වීක්ෂය.
බයිබලය
නා. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථය ; පරණ සහ අලුත් ගිවිසුම්වලින් සමන්විත ක්‍රිස්තියානි ශුද්ධ ග්‍රන්ථය.
බයිලා
1. නා.ප්‍ර. පෘතුගීසින්ගෙන් ලංකාවට ලැබුණු වේග රිත්මයට අනුව ගයන ගී විශේෂයක්.
2. ඒ තාලයට අනුව නටන නැටුම.
බර
1. නා.ප්‍ර. යම් වස්තුවක් කෙරෙහි ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල ප්‍රමාණය ; ගුරුත්වය.
2. කිරන උපකරණයකින් දැක්වෙන ස්කන්ධයක තුලනාත්මක ගුරුත්වාකර්ෂණය පිළිබඳ මිනුම් ඒකකය ; බර ප්‍රමාණය.
3. මිනිසකූට, සතකූට හෝ වාහනයකට වරකට ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණය.
4. කාර්යභාරය ; වගකීම.
5. දුෂ්කර කාර්යය ; අමාරු වැඩය ; බැරි දෙය.
6. ඉසිලීමට අමාරු දෙය ; බර වස්තුව ; බරුව.
7. උසුලන්නට බැරි කරුණ ; සිතට කරදර ගෙන දෙන්න.
8. දේශීය කිරුම් ඒකකයක් ; තුලා විස්සක හෙවත් පලම් 2,000ක ප්‍රමාණය.
9. දොළහ ; ද්වාදසය.
10. තනය ; පයෝධරය ; පියොවුර.
1. වි. බරින් වැඩි.
2. දිරවීමට අමාරු.
3. ගැඹුරු ; පැටලිලි සහිත ; විසඳීමට අමාරු ; දුෂ්කර.
4. විශාල ; ලොකු ; අධික.
බර කරත්තය
නා. ගොනුන් දෙන්නකු හෝ වැඩි ගණනක් බඳින ලොකු කරත්තය ; බර ගැල.
බර කරනවා
1. ක්‍රි. පැත්තකට ඇල කරනවා ; නැඹුරු කරනවා ; පාත් කරනවා.
2. උච්චාරණයේදී කිසියම් ශබ්දයක් අවධාරණය කරනවා ; වචනයකට අවධාරණය දෙනවා.
3. බර දැනෙන්නට සලස්වනවා ; බර පටවනවා.
බර ගහනවා
1. ක්‍රි. එක පැත්තකට බර වෙනවා ; ඇල වෙනවා ; සමබර නැති ව යනවා.
2. ලියනු ලබන ලීයක වැඩිපුර කොටස් ඉවත් කොට එය වටකුරු කරනවා.
බර පැන
නා. ආගමික හෝ පුණ්‍ය කටයුත්තක් හෝ සඳහා දරන වියදම ; පොදු හෝ ආගමික සේවයක් සඳහා මහන්සිය වශයෙන් දෙන මුදල.
බර බාගය
නා. තනි ගොනා බඳින කරත්තය.
බරංකාව
නා. කඳු දෙකක් අතර පිහිටි බෑවුම් සහිත ඉතා පටු දෙණිය ; ගැඹුරු දොරුව ; ගිරි කඳුර.
බරණ
1. නා.ප්‍ර. ආභරණ ; අබරණ ; පලඳනා.
2. සර්පයා ; අහියා ; සපා.
3. වතුරේ හැසිරෙන විෂ රහිත සර්පයෙක් ; දිය බරණ ; දියබරියා.
බරණිඳු
නා.ප්‍ර. චන්ද්‍රයා ආභරණ කොට ඇති තැනැත්තා ; ඊශ්වර දෙවි ; මහේශ්වර ; මෙහෙසුරු ; ශිව.