බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිදු විය හැකි විපතක් පිළිබඳ ව සිතෙහි ඇති වන වේදනා සහගත ආවේගය ; භීතිය ; බිය.
2. වැරදි සහගත දෙයක් කිරීමට ඇති වන පැකිළීම.
3. අදෘශ්‍යමාන බලවේග පිළිබඳව සිත් තුළ හට ගැනෙන ගෞරව සම්ප්‍රයුක්ත තැති ගැනීම.
4. සන්ත්‍රාසය ; පසුබෑම ; සබකෝලය.
5. ධෛර්යය නොමැතිකම ; බයාදුකම ; බියගුලු බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fear