බලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දේව, යක්ෂ, භූත, ගුහාදීන්ට පිරිනමන පූජා විශේෂය.
2. යක්ෂ, භූතාදීන් සඳහා කරන යාතු කර්මය ; ශාන්ති කර්මය.
3. ශාන්තිකර්ම සඳහා අඹනු ලබන දේව, යක්ෂ, භූතාදීන්ගේ රූපය.
4. ශාන්ති කර්ම සඳහා මල්, මැටි, ගොක් සැරසිලි ආදියෙන් පිළියෙල කරනු ලබන පිදවිල්ල.
5. බද්ද ; කප්පම ; දීමනාව.
6. සම මතුපිට ඇතිවන රැල්ල.
7. යුද්ධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රහ අපල දුරු වීමට කරන ශාන්ති කර්මය/ දේව යක්ෂාදීන්ට පුදන ආහාර පාන ආදිය/ යාතුකර්ම සඳහා අඹන රූපය/ බද්ද/ දීමනාව; දැකුම (පා. සං. බලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. image
2. n. oblation
3. n. offering
4. n. prey