බල

bala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ශක්තියෙන් යුතු ; දිරිමත් ; වීර්යවන්ත.
2. අධිකාර බලය සහිත ; වගකීම දරන ; බලය පවරන.
1. නා.ප්‍ර. සවිය ; ශක්තිය ; හැකියාව ; කුශලතාව ; කෞශල්‍යය.
2. අනුභාව ; සෘද්ධිය ; දිව්‍යමය ශක්තිය.
3. අධිකාරය ; ආධිපත්‍යය.
4. පරාක්‍රමය ; වික්‍රමය ; තේජස.
5. සැපත ; සම්පත්තිය ; ධනය.
6. (ඖෂධ, මන්ත්‍ර ආදියක) ගුණය ; ඵලදායී භාවය.
7. රජකුගේ සේනා ශක්තිය ; අයිතිය ; වරප්‍රසාදය.
8. දිරිය ; ධෛර්යය.
9. රුකුල ; මුක්කුව.
10. සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් සෑදෙන ගුණිතය.
11. ගසක අතු බෙදී යන සන්ධිස්ථානය ; දෙබලය ; කරුව ; ගුරු වෙළප.
12. බෙණය ; ගුහාව ; ලෙණ ; බිලය ; ගස් සිදුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සවිමත්; ශක්තිමත් නා.ප්‍ර. ශක්තිය; බලය; පරාක්‍රමය/ සේනාව/ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ම ගුණ කිරීමෙන් ලැබෙන ගුණිතය (පා. සං. බල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආනුභාවය; බලය; භටහමුදාව; ශක්තිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ජීවනෙ, ජීවත්වීමෙහි, බලති, ජීවත්වෙයි.
න. ශක්තිය, බලය, සෙනාව, ස්ථුලභාවය. (පි. 398)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. energy
2. press
3. n. strength

Digital Pāḷi Dictionary