සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 681
බීභච්ඡ
ති. විකාරප්රාප්ත, භයඞ්කර. (පි. 401)
බීරණ
න. සුවඳහොට, සැවැන්දරා. (පි. 401)
බුක්ක
√ භු. සුනඛසද්දෙ, බිරීමෙහි, බුක්කති, (බල්ලා) බුරයි. (පි. 401)
බුජ්ඣක
පු. අවබෝධ කරන තැනැත්තා. (පි. 401)
බුජ්ඣති
ක්රි. (බුධ+තී) අවබෝධ කෙරෙයි. (පි. 401)
බුජ්ඣන
න. අවබෝධ කිරීම = දැනගැනීම. (පි. 401)
බුජ්ඣනක
පු. අවබෝධ කරන්නා, බුජ්ඣක. (පි. 401)
බුජ්ඣිත
ති. අවබෝධ කළ, ප්රතිවේධකළ. (පි. 401)
බුද්ධ
පු. අවබෝධ කළ තැනැත්තා, තථාගතයන් වහන්සේ, ප්රාඥයා. (පි. 401)
බුද්ධ කොලාහල
පු. බුදුවරුන්ගේ ලොව පහළ වීම පිළිබඳව දෙවි මිනිසුන් අතර ඇතිවන කලබලය. (පි. 402)
බුද්ධ චක්ඛු
න. බුදු ඇස, පඤ්ච චක්ඛු බලනු (පි. 402)
බුද්ධ ඤාණ
න. බුද්ධ ඥානය. (පි. 402)
බුද්ධ ධම්ම
පු. බුද්ධ කාරක ධර්ම, පාරමී ධර්ම. (පි. 402)
බුද්ධ බල
න. දසවිධ බුද්ධ බලය, දශවිධ කාය බලය හා දශවිධ ඥාන බලය. (පි. 402)
බුද්ධ භූමි
ඉ. බුද්ධ භුමිය, බුද්ධත්වය, පාරමී පූරණ. (පි. 402)
බුද්ධ වචන
න. සර්වඥ වචනය, බුදුබණ, බුද්ධ දේශනාව. (පි. 402)
බුද්ධ සාසන
න. බුද්ධානුසාසනාව, බුද්ධාගම, බුද්ධ ධර්මය, ත්රිපිටක බුද්ධ ධර්මය. (පි. 402)
බුද්ධගයා
සර්වඥයන් වහන්සේ බුද්ධත්වයට පැමිණි නෙරඤ්ජරා ගඟ පිහිටි එනම් ප්රදේශය. (පි. 402)
බුද්ධත්ත
න. බුදු බව, බුද්ධ භාවය. (පි. 402)
බුද්ධි
ඉ. බුද්ධිය, ප්රඥාව, ඥානය.
√ චු. පීඩනෙ, පෙළීමෙහි, බුද්ධෙති, බුද්ධ යති = පෙළයි, පළිබොධො, පළිබුජ්ඣති. (පි. 402)
බුද්ධික
පු. බුද්ධි ඇත්තා, නුවණැත්තා. (පි. 402)
බුද්ධිමන්තු
පු. ප්රාඥයා, බුද්ධි ඇත්තා. (පි. 402)
බුධ
√ දි. විකාසෙ, පිපීමෙහි, පබුජ්ඣති, පිපෙයි.
√ භු. බොධෙ, අවබෝධයෙහි, බොධති, අවබෝධ කරයි, බොධි, බුද්ධො.
√ දි. ජානනෙ, දැනීමෙහි, බුජ්ඣති, දනී, අවබෝධ කරයි.
√ දි. නිද්දාක්ඛයෙ, නිද්රාක්ෂයෙහි, පබුජ්ඣති, පිබිදෙයි.
පු. පණ්ඩිතයා, බුධ ග්රහයා, ප්රඥාව. (පි. 401)
බුන්ද
පු. අල, ඛන්ධ මූලය. (පි. 402)