බුධ

budha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නුවණැත්තා; බුද්ධිමතා ; ප්‍රාඥයා.
2. සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා සමීපයෙන්ම ඇති ග්‍රහයා; බුද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නවග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝකයක්/ නුවණැත්තා; ප්‍රාඥයා (සං. බුධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පණ්ඩිතයා; බුධ ග්‍රහයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. විකාසෙ, පිපීමෙහි, පබුජ්ඣති, පිපෙයි.
√ භු. බොධෙ, අවබෝධයෙහි, බොධති, අවබෝධ කරයි, බොධි, බුද්ධො.
√ දි. ජානනෙ, දැනීමෙහි, බුජ්ඣති, දනී, අවබෝධ කරයි.
√ දි. නිද්දාක්ඛයෙ, නිද්‍රාක්ෂයෙහි, පබුජ්ඣති, පිබිදෙයි.
පු. පණ්ඩිතයා, බුධ ග්‍ර‍හයා, ප්‍ර‍ඥාව. (පි. 401)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mercury

Digital Pāḷi Dictionary