සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1165
බුද්ධින්ද්රිය
නා.ප්‍ර. ඉන්ද්‍රියයක් වූ බුද්ධිය ; ඉන්ද්‍රියයක් වශයෙන් ක්‍රියා කරන බුද්ධිය.
බුද්ධිමය දේපළ
නා.ප්‍ර. නිර්මාණශීලිත්වය මූලික කොටගෙන බිහිවන නිෂ්පාදන; කලා නිර්මාණ, වෙළඳ ලකුණු, අදහස් යනාදිය.
බුද්ධිය
නා. ඉක්මනින් අවබෝධ වන නුවණ ; වහා වටහා ගැනීමේ හැකිකම ; වැටහෙන නුවණ ; ඥානය ; උගත්කම ; අවබෝධය.
බුද්ධිසම්පන්න
වි. බුද්ධිමත් ; වැටහෙන නුවණ ඇති ; බුද්ධිය මෙහෙයවා කටයුතු කරන.
බුද්ධිසම්පන්නයා
නා. බුද්ධිය ඇත්තා ; ඥානවන්තයා ; බුද්ධිමතා.
බුද්ධෝත්පාදය
1. නා. බුදු කෙනකුන් ලොව පහළ වීම ; බුදුවරයකුගේ ඉපදීම.
2. බුදුවරයකුගේ ශාසනය බල පවත්වමින් තිබෙන කාල පරිච්ඡේදය.
බුද්බුදාංකය
නා. ද්‍රව්‍යයක් උණු වී බුබුළු දමන අවස්ථාව.
බුදිනවා
ක්‍රි. කෑම කනවා ; අනුභව කරනවා ; වළඳනවා.
බුදියනවා
ක්‍රි. නිදාගන්නවා ; නිදියනවා ; සැතපෙනවා.
බුදු
වි. බුදුරදුන් සම්බන්ධ; බුදුරදුනට අදාළ හෝ අයත්.
1. නා.ප්‍ර. බුදුරජ ; සර්වඥයන් වහන්සේ.
2. දැනීම අවබෝධය.
3. බුදු බව ; බුද්ධත්වය.
බුදු ඇස
නා. බුදුවරයකුට පමණක් විශේෂ වූ ආසයානුසයඤාණ සහ ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණ යන අසාධාරණ ඥාන දෙක ; බුද්ධ චක්ෂුසය.
බුදු දහම
නා. බුදුරදුන් දෙසූ ධර්මය ; ත්‍රිපිටක බුද්ධ වචනය.
බුදු බණ
නා.ප්‍ර. බුදුරදුන් දෙසූ දහම ; බුද්ධධර්මය.
බුදු මැදුර
නා. බුද්ධ ප්‍රතිමා හා බුද්ධ චරිතය විදහා දක්වන අනුරූ සඳහා වෙන් කොට ඇති ගෘහය ; විහාර ගෙය ; බුදුගෙය.
බුදු සමය
1. නා.ප්‍ර. බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගය.
2. බුද්ධාගම ;එය ආශ්රයෙන් පහළ වී පවතින ආගම.
බුදු සසුන
නා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය.
බුදු සිරිත
නා. බුදුරදුන්ගේ ජීවිත පැවතුම් පිළිවෙළ ; බුද්ධ චරිතය.
බුදුකැලි
වි. බුදුරදුන් විසූ සමය පිළිබඳ වූ ; බුදුරදුන් හා සමකාලින ; බුද්ධ කාලීන.
බුදුකුරු
වි. බුදුවරයකු වීමට හේතු වන ; බුද්ධත්වය ලබාදෙන ; බුද්ධකාරක.
නා.ප්‍ර. බුද්ධාංකුරය ; බුදුබව පතා පෙරුම් පුරන උතුමා ; බෝසතා.
බුදුරජාණන් වහන්සේ
නා.බහු. ගෞරව කිසිවකුගේ උපකාරයක් නැති ව චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන එය අනුන්ට ද අවබෝධ කරවීමෙහි සමත් මහෝත්තමයා ; බුදුරද ; තථාගතයන් වහන්සේ ; සර්වඥයන් වහන්සේ.
බුදුරස්
නා.ප්‍ර. බුදු සිරුරෙන් විහිදෙන රශ්මිමාලාව.
බුදුවිසා
නා.ප්‍ර. බුදුවරයකුට පමණක් අවබෝධ කොට ගත හැකි ඥාන මාර්ගය ; කවර ප්‍රශ්නයකට හෝ නොපැකිළ පිළිතුරු දිය හැකි නුවණ ; බුද්ධ විෂය.
බුධ
1. නා.ප්‍ර. නුවණැත්තා; බුද්ධිමතා ; ප්‍රාඥයා.
2. සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා සමීපයෙන්ම ඇති ග්‍රහයා; බුද.
බුන්
1. වි. බොන ලද ; පානය කළ.
2. පිපුණු ; පුබුදු වුණු.
3. බිඳුණු ; කැඩුණු.