සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1164
බුද්ධ වර්ෂය
නා. බුද්ධ පරිනිර්වාණ වර්ෂයෙන්, හෙවත් ක්‍රි.පූ. 544 සිට ඇරඹෙන වර්ෂ ක්‍රමය.
බුද්ධ විෂය
නා.ප්‍ර. බුදුවරයකුගේ ඥාන සෘද්ධි අනුභා ආදියෙහි බල ප්‍රමාණය.
බුද්ධ ශ්රාවකයා
නා. බුදුරදුන්ගේ අනුශාසය පිළිපදින්නා ; බුදු සස්නෙහි පැවිදි වූ තැනැත්තා ; බෞද්ධ භික්ෂුව.
බුද්ධ සෙය්යාව
නා. බුදුරදුන් සැතපෙන ආකාරය ; සිංහ සෙය්යාව.
බුද්ධක්‍ෂේත්‍රය
නා. බුදුකෙනකුගේ ආඥා චක්‍රය පවතින කෙළ ලක්ෂයක් සක්වළ ප්‍රදේශය.
බුද්ධකාරක
වි. බුදුවීමට හේතුවන්නා වූ.
බුද්ධඝෝෂ
නා.ප්‍ර. පස්වන සියවස මහානාම රජු සමයේ දී ලක්දිවට පැමිණි අටුවචාරීන් වහන්සේ කෙනකුගේ නාමය.
බුද්ධපුත්රයා
නා. බුදුරදුන්ගේ ධර්ම සහ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරන්නා ; බුද්ධ ශ්රාවකයා ; බෞද්ධ භික්ෂුව.
බුද්ධභෝගය
නා. බුදුරජාණන් වහන්සේට පූජාකිරීම සඳහා වෙන් කළ වී ; බුදුරජාණන් වහන්සේට පූජා කරන උපභෝග පරිභෝග වස්තුව ; සසුනට පුදන ලද්ද.
බුද්ධාගම
1. නා.ප්‍ර. බුදුදහම ; බුද්ධ ධර්මය ; බුදු රජුන් දෙසූ ආර්ය මාර්ගය.
2. බුදු දහම ඇසුරින් පහළ ව පවතින පුද පූජා කටයුතු ආදියෙන් යුක්ත ආගම.
බුද්ධාන්තරය
නා. එක් බුදුවරයකුගේ ශාසනය අන්තර්ධාන වූ තැන් සිට තවත් බුදුවරයකුගේ පහළවීම තෙක් වූ කාල පරිච්ඡේදය.
බුද්ධානුශාසනය
නා. බුදුරදුන්ගේ ඉගැන්වීම ; බුදුරදුන් වදාළ උපදේශ පටිපාටිය ; බුද්ධ දේශනාව
බුද්ධාලය
1. නා.ප්‍ර. බුදුරදුන් වැඩ වසන ගෙය ; ගන්ධකුටිය.
2. බුද්ධ ප්‍රතිමා වඩා හිඳුවීම සඳහා තැනූ විහාර මන්දිරය.
බුද්ධාවතාරය
නා. (වෛෂ්ණව විශ්වාසය – අනුව) බුද්ධ ස්වරූපයෙන් පෙනී සිටින විෂ්ණු දෙවියෝ ; විෂ්ණු දෙවිගේ දශ අවතාර ඇසුරින් නව වැන්න.
බුද්ධාසනය
නා. බුදුරදුන්ගේ ආසනය ; බුදුන් වැඩ සිටින අසුන.
බුද්ධි ගෝචර
වි. බුද්ධියට අනුකූල ; බුද්ධියට හසුවන.
බුද්ධි චරිතය
නා. බුද්ධිය ප්‍රධාන ලක්ෂණය කොට ගත් පුද්ගල ස්වභාවය ; බුද්ධිය පිළිඹිබු වන හැසිරීම් රටාව.
බුද්ධි පරීක්ෂණය
නා. බුද්ධිය පිළිබඳ පිරික්සුම ; බුද්ධි තත්ත්වය පරීක්ෂා කොට බැලීම.
බුද්ධි ප්‍රභාවය
නා. බුද්ධි තේජස ; බුද්ධියේ බැබළීම.
බුද්ධි ඵලය
නා. බුද්ධි පරීක්ෂණ ප්‍රතිඵලය.
බුද්ධි යෝගය
නා. බුද්ධිය මෙහෙයවීම ; බුද්ධි සම්බන්ධය.
බුද්ධි වාදය
නා. බුද්ධිය සංකල්ප මත තර්කයෙහි පිහිටා සත්‍යය නිගමනය කරන ක්‍රමය.
බුද්ධි විප්ලවය
නා. බුද්ධිමය චින්තනය පිළිබඳ ව ඇති වූ පරිවර්තනය ; බුද්ධි පෙරළිය.
බුද්ධි විෂයක
වි. බුද්ධියට අනුකූල ; බුද්ධිගෝචර ; නුවණට හුරු.