සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 682
බුන්දි
√ භු. තිබිණෙ, තියුණු කිරීමෙහි, බොන්දති, තියුණු කරයි. (පි. 402)
බුන්දික
න. ඇඳේ කූඩුව, ඇඳ. (පි. 402)
බුන්දිකාබද්ධ
පු. මඤ්ච විශේෂයක්, පාද හා විට්ටම් ඒකාබද්ධ කොට ඇති ඇඳක්. (පි. 402)
බුබ්බුද
න. බුබුල, දිය බුබුල. (පි. 402)
බුබ්බුල
න. බුබුල, දිය බුබුල. (පි. 402)
බුභුක්ඛ
ති. කනු කැමැත්ත, බුදිනු රිස්ස. (පි. 402)
බුභුක්ඛති
ක්රි. (√ භු. භුජ, බ්යවහරෙණසු, පරිභොගයෙහි +ති) (භුජ+ඛ+භුභූජක+බුභූජක+බුභුක්ඛ+ති) කනු කැමති වෙයි. භුජ බලනු. (පි. 402)
බුභුක්ඛිත
ති. බුභූක්ඛිත, කනු කැමති වන ලද, ක්ෂුධා ඇත්තා, බඩසා ඇත්තා. (පි. 402)
බූළ්හ
පු. යුද්ධ භට සමූහය. (පි. 402)
බෙල්ල
පු. බිල්ව, බෙලිගස. (පි. 402)
බෙලුව
පු. බෙලිගස. (පි. 402)
බෙලුව පණ්ඩු වීණ
ඉ. පඤ්චසිඛ දෙවියාගේ එනම් වීණාව. (පි. 402)
බෙලුව සලාටුක
න. බෙලි ගැට. (පි. 402)
බොජ්ඣ
න. බුදියයුත්ත, අනුභව කටයුත්ත. (පි. 402)
බොජ්ඣඞ්ග
පු. බොධියට අඞ්ග වන, සති ධම්ම විචය ආදී ධර්මසත. (පි. 402)
බොජ්ඣයාගු
ඉ. අනුභව කටයුතු කැඳ, තලප. (පි. 402)
බොද්ධබ්බ
පු. අවබෝධ කටයුතු, “මන්තාය බොද්ධබ්බං.” (පි. 402)
බොධ
පු. අවබෝධය, ඤාණය, ප්රඥාව. (පි. 402)
බොධකර
පු. වන්දිභට්ටයා, පුබුදු කරවන්නා, ඇහැරවන්නා, රජුන්ගේ සයනාගාර සමීපයට පැමිණ අලුයම රජුන් පුබුදු කරවීමට වන්දිවරු තුති ගී ගායනා කරමින් නිඳි දුරු කරවති. (පි. 402)
බොධන
න. අවබෝධය, දැනීම. (පි. 402)
බොධනීය
ති. අවබෝධ කටයුතු, අවබෝධයට සුදුසු. (පි. 402)
බොධනෙය්ය
ති. අවබෝධ කටයුතු, බොධනීය.
පු. විනෙය ජනයා, ධර්මාවබෝධයට සුදුසු ජනයා, වෙනෙය්ය ජනයා. (පි. 402)
බොධි
පු. පණ්ඩිතයා, ප්රාඥයා.
ති. සර්වඥතාඥානය, අර්හත් මාර්ග ඥානය, ආර්ය්ය මාර්ගය, සතර මාර්ග ඥානය, බෝරුක. (පි. 402)
බොධි පක්ඛික ධම්ම
පු. සර්වඥතාඥානයාගේ පක්ෂයෙහි වූ ධර්ම, බුද්ධත්වයට පක්ෂ වූ ධර්ම, සතර සතිපට්ඨානාදිය. (පි. 402)