බුද්ධදත්ත පාලි අකාරාදිය – 497

බුජ්ඣන

න. අවබෝධ කිරීම.

බුජ්ඣනක

3. අවබෝධ කරන.

බුජ්ඣන්ත

3. අවබෝධ කරන; වටහා ගනිමින්.

බුජ්ඣමාන

3. අවබෝධ කරන; වටහා ගනිමින්.

බුජ්ඣිත්වා

පූ.ක්‍රි. අවබෝධ කොට.

බුජ්ඣිතු

පු. අ‍වබෝධ කරන්නා.

බුජ්ඣිතුං

නි. වටහාගන්නට.

බුජ්ඣිය

පූ.ක්‍රි. අවබෝධ කොට.

බුඩ්ඪ

3. මහලු වූ; පු. මහල්ලා.

බුඩ්ඪතර

3. වඩා මහලු; වැඩි මහලු.

බුද්ධ

3. අවබෝධ කළ; වටහාගත්; පු. පණ්ඩිතයා; බුදුරද.

බුද්ධක්ඛෙත්ත

න. බුදුනමකගේ බලය පවත්නා පෙදෙස.

බුද්ධකාරකධම්ම

පු. බුදුබව ලබාදෙන ප්‍රතිපත්තිය.

බුද්ධකාල

පු. බුදුන් ඇති කාලය.

බුද්ධකොලාහල

පු. බුදු නමක් උපදින්නේය යන කලබලය.

බුද්ධගුණ

පු. බුදු ගුණය.

බුද්ධඞ්කුර

පු. බුදුබව පතන්නා; බෝසතාණෝ.

බුද්ධචක්ඛු

න. බුද්ධ ඥානය; බුදු ඇස.

බුද්ධඤාණ

න. බුද්ධ ඥානය.

බුද්ධත්ත

න. බුදු බව.

බුද්ධන්තර

බුදුවරයන් දෙනමක් අතර කාලය.

බුද්ධපුත්ත

පු. බුද්ධ පුත්‍රයා; භික්ෂු නම.

බුද්ධබල

න. බුද්ධානුභාවය.

බුද්ධභාව

පු. බුදුබව.