බුද්ධදත්ත පාලි අකාරාදිය – 496

බිම්බා

ඉ. යසෝදරා දේවිය.

බිම්බිකා

ඉ. කෙම් වැල; කෙම්ගෙඩිය.

බිම්බී

ඉ. කෙම් වැල; කෙම්ගෙඩිය.

බිල

න. කොටස; බෙණය; සතකුගේ ගුහාව; සිදුර.

බිලඞ්ග

පු. ඇඹුල් කාඩි; විනාකිරි.

බිලඞ්ගථාලික

න. හිස් කබල ගලවා මොලය උතුරවමින් දෙන වධයක්.

බිලසො

නි. කොටස් වශයෙන්.

බිල්ල

පු. බෙලිගස.

බිළාර

පු. බළලා.

බිළාරභස්සතා

ඉ. මයිනහම.

බිළාල

පු. බළල් ලුණු; බළලා.

බිළාලී

ඉ. අල වර්ගයක්.

බීජ

න. ඇටය; උත්පත්තිය ගෙන දෙන ධාතු කොටස; බිත්තරය; බීජය.

බීජක

3. ඇට ඇති.

බීජකොස

පු. මල් ආදියේ ඇට ඇතුළත් කෝෂය.

බීජගාම

පු. නොමළ ගස් වැල් අතු තෘණ ආදිය හා නරක් නොවූ ඇට වර්ග ඇතුළති; පැලවෙන දෙය.

බීජජාතන

ඇට වර්ගය.

බීජබීජ

න. අතු ආදියෙන් පැළ නොවී ඇට වලින් පැල සෑදෙන වර්ගය.

බීභජ්ජ

3. භය එළවන; භයානක.

බීරණ

න. සැවැන්ත ගස.

බීරණත්ථම්භ

පු. සැවැන්ත පඳුර.

බුඛ්‍ය

3. ප්‍රධාන වූ.

බුජ්ඣක

3. අවබෝධ කරන්නා.

බුජ්ඣති

(බුධ+ය) අවබෝධ කෙ‍රේ; වටහාගනී.