සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 501

දක්ඛිණයන

න. දක්ෂිණායනය, සූර්‍ය්‍යයාගේ දක්ෂිණාවර්ති ගමන, ඇසල මස පටන් උඳුවප් මාසය දක්වා ඇති මාස සය - උත්තරායන බලනු. (පි. 313)

දක්ඛිණෙය

පු. දක්ෂිණර්‍හ, දක්ෂිණාවට සුදුසු, සිල්වත්. (පි. 313)

දක්ඛිණෙය්‍යග්ගි

පු. දක්ඛිණග්ගිය. (පි. 313)

දක්ඛිත

ති. දක්නා ලද, අවබෝධ කළ, දුටු. (පි. 313)

දක්ඛිතත්ථ

පු. රියදුරා. (පි. 313)

දක්ඛෙය්‍ය

ති. දැක්කයුතු, බැලියයුතු. (පි. 313)

දඛි

√ භු. ඝොර වස්සිත කඞ්ඛාසු, දරුණු තිරිසන් හඬ, කාඞ්ක්ෂා යන මෙහි, දක්ඛති, රෞද්‍රව ශබ්දකරයි, සැකකරයි. (පි. 313)

දච්ඡා

ඉ. ආවරණය, ඇතුන්ගේ හිස හා බෙල්ල අලංකාර කිරීම පිෂින යොදන ආබරණයක්, කසපට. (පි. 234)

දට්ඨ

ති. දෂ්ටනය කළ, සපාකන ලද. (පි. 314)

දඩ්ඪ

පු. දවන ලද, පුලුස්සන ලද. (පි. 314)

දඩ්ඪි

න. ශක්තිය ඇතිකිරීම, තදගතිය ඇති කිරීම. (පි. 314)

දඩි

√ භු. චූ - ආණයං, නියොග කිරීමෙහි, දණ්ඩති, දණ්ඩෙති, දණ්ඩයති, ඇණවයි, නියොගකරයි, ආඥාකරයි. (පි. 314)

දණඩකඨින

න. කෙවිටක් මත දිගහැරිය රෙද්ද. (පි. 314)

දණඩපරිස්සාවන

න. දඬුපෙරහණ. (පි. 314)

දණ්ඩ

√ චු. දඬුහෙලීමෙහි, දණ්ඩනමස්කාරයෙහි, දණ්ඩෙති, දණ්ඩයති, දඩදෙයි, දණ්ඩ නමස්කාර කරයි.
පු. දඩය, මුගුර, දමනය කිරීම, ලී කැබල්ල. (පි. 314)

දණ්ඩක

පු. විසිතුරු සැරමිටි දණ්ඩ, මුගුරු දණ්ඩනය. (පි. 314)

දණ්ඩජතෙජ

පු. දඩයෙන් ජාත තෙජස, ප්‍රතාපය. (පි. 314)

දණ්ඩධර

පු. දඬු දරන්නා, යමයා. (පි. 314)

දණ්ඩනිය

ති. දඬුවම් කටයුතු, දඬුවමට සුදුසු. (පි. 314)

දණ්ඩනීති

ඉ. දණ්ඩනීතිය, අර්‍ථ ශාස්ත්‍රය. (පි. 314)

දණ්ඩපරායන

පු. දඬු පිහිටකොට ඇති, දණ්ඩක් ආධාර කොට ඇති. (පි. 314)

දත්ත

ති. දෙන ලද, පරිත්‍යාග කරන ලද. (පි. 314)

දත්ති

ඉ. කුඩා තැටි විශේෂයක්, නෑඹිලිය. (පි. 314)

දත්තික

ති. දෙනලද, තෑගිකරන ලද. (පි. 314)