සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 502
දත්තිම
න. දෙන ලද්ද. (පි. 314)
දත්තිය
න. තෑග්ගක් වශයෙන් දෙන ලද්ද. (පි. 314)
දත්තු
ඉ. ජඩයා, කෙලතොල්ලා. (පි. 314)
දත්රජී
පු. අසුරයා. (පි. 314)
දද
√ භු. දානෙ, දීමෙහි, දදති, දෙයි. (පි. 314)
දදති
ක්රි. (දද+ති) දෙයි, දානය කෙරෙයි. (පි. 314)
දද්දර
පු. මැඩියා, මණ්ඩුක. (පි. 314)
දද්දරී
ඉ. බෙර විශේෂයක්, වජ්රභෙරිය. (පි. 314)
දද්දල
පු. නිල් තෘණබිම, තෘණ නිල්බිම. (පි. 314)
දද්දල්ලති
ක්රි. (දද්දල්ල+ති) බබලයි, දිලිසෙයි. (පි. 314)
දද්දල්ලන
න. බබලන, දිලිසෙන. (පි. 314)
දද්දහ
පු. බර, නොපැහැදිලි ශබ්දය. (පි. 314)
දද්දහායති
ක්රි. බර ශබ්දයක් ඇති කරයි. (පි. 314)
දද්දු
පු. දදයයි ප්රකට කුෂ්ට රෝගය, දද්රැ පණුකැවිල්ල. (පි. 314)
දද්දුඝ
පු. තුවර, රටතෝර, ඇත්තෝර, දද්රැග්ඝන. (පි. 314)
දද්දුල
න. සම්කැබලි, හම් කෑලි. (පි. 314)
දධ
√ භු. ධාරණෙ, දැරීමෙහි, දධතෙ, දහති, දරයි. (පි. 314)
දධ්යුද
පු. සාගර භේදයක්, කිරි මුහුද. (පි. 314)
දධි
න. දී, මිදිකිරි. (පි. 314)
දධිත්ථ
පු. ගිවුලුගස. (පි. 314)
දධිඵල
න. ගිවුලු, දිවුල්. (පි. 314)
දධිමණ්ඩ
න. දීපෙරලි දිය. (පි. 314)
දන්ත
පු. දත්, දළ.
ති. දමිත, දමනය කළ, හික්මවන ලද. (පි. 314)
දන්තක
න. ඇත් දත්වලින් කළ දත් කටුව. (පි. 314)